දේශීය

මධ්‍යම කඳුකරයටත් වතුර නැති තත්ත්වයක් උදා වෙලා…. මිනිස්සුන්ට බොන්න වතුරත් නැහැ

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන්ට සහ ග්‍රාමිය ජනතාව උග්‍ර පානිය ජල ගැටළුවකට මුහුණ පා ඇත.

එම ජනතාව කදුමුදුණේ සිට පහලට ගලා බසිනා ප්‍රධාන ජල මුලාශ හරස් කරමින් ජල නල යොදා තම දෛනික අවශ්‍යතාවය සදහා පානිය ජලය ලබාගෙන තිබුණි.

මධ්‍යම කදුකරයේ පවතින වියළි කාලගුණයත් සමග පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ සමග සිදි යාම හේතුවෙන් මෙම උග්‍ර පානිය ජල ගැටළුවට මුහුණ පා ඇත.

වසර කිහිපයකට පසු බගවන්තලාව ප්‍රදේශයට මෙසේ උග්‍ර පානිය ජල ගැටළුවක් මතු වු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

බගවන්තලාව ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති පානිය ජල ගැටළුවට තාවකාලික විසදුමක් වශයෙන් වැසි ලැබෙන තෙක් හැටන් පොලිසිය සතු වතුර බවුසරය මගින් පිරිසිදු පානිය ජලය ලබාගැනිමට හැකි ස්ථානවලින් ජලය රැගෙන විත් ප්‍රදේශවාසින්ට බෙදා හැරිමට කටයුතු කර ඇති බවයි බගවන්තලාව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධර්මකිර්ති මහතා කියා සිටියේ.

ඉදිරි දින කිහිපයේදිත් වතු කම්කරුවන්ට සහ ප්‍රදේශවාසින්ට බවුසර් මගින් ජලය බෙදා හැරිමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button