විදේශීය

කෂෝගිගේ සිරුර පෝරණුවක පිළිස්සූ බවට සාධක

ඝාතනයට ලක්වූ අමෙරිකානු ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුර තුර්කියේ සෞදි කොන්ස්ල ජනරාල් කාර්යාලයේ පෝරණුවක දමා පිළිස්සූ බවට, සාධක හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල් ජයීරා රූපවාහිනී නාලිකාව විසින් මේ පිළිබඳ වැඩසටහනක් ද විකාශය කර තිබේ. ඝාතනය කිරීමෙන් පසුව, මාධ්‍යවේදියාගේ සිරුර සෙන්ටිග්‍රේට් අංශක දහසක පමණ උෂ්ණත්වයක් දක්වා උණුසුම්වන පෝරණුවක දමා දින තුනක් තිස්සේ පිළිස්සූ බවට එමගින් අනාවරණය කර තිබේ. ඉන් අනතුරුව, සිරුර පිළිස්සූ බවට සාධක මැකීයන ලෙසමස් විශාල ප්‍රමාණයක් පෝරණුව තුළ පුළුස්සා දමා ඇති බවයි, එම වාර්තාවෙන් හෙළිකර තිබෙන්නේ.

මාධ්‍යවේදියා පසුගිය ඔක්තෝබර් 2 වැනිදා සෞදි කොන්සල් කාර්යාලය තුළට ඇතුළුවූ අතර, ඔහු ඉන් පිටතට ගිය බවට කිසිඳු සාක්ෂියක් හමුවී නැහැ. ඝාතනය සම්බන්ධයෙන් සෞදි ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුට බොහෝ දෙනා චෝදනා එල්ල කරයි. නමුත්, සෞදි අරාබිය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පසුගිය ජනවාරි ආරම්භ වූ අතර එහි වාර්තාව ලබන ජුනි මාසයේ නිකුත් කිරීමට නියමිතයි.

ජමාල්ගේ සිරුර පිලිස්සුවා යැයි පැවසෙන පෝරණුව
ජමාල්ගේ සිරුර පිලිස්සුවා යැයි පැවසෙන පෝරණුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button