දේශීය

ටැබ් ටෙන්ඩරයේ බරපතළ වංචාවක් – උසස් පෙළ ළමුන්ට දෙන්න යන ටැබ්වල එෆ්සීසී ප්‍රමිති සහතිකය නෑ

- නිසි ප්‍රමිතිය නැති නිසා දරුවන්ට සෞඛ්‍ය අනතුරු රැසක්

2017 මැයි මාසයේ දී උසස් පෙල සියළුම ළමයින්ට ටැබ් පරිගණක ලබා දීමට ටැබ් 195,148ක් මිළ දී ගැනීමට ටෙන්ඩර් කැඳෙව්වා. ඒ සඳහා සමාගම් 7ක් මිළ ගණන් ඉදිරිපත් කළා. ටැබ් නමුත් තාක්ෂණික කමිටුව ඉදිරිපත් කළ සියළුම කොන්දේසි සපුරා තිබුණේ එක් සමාගමක් පමණයි. ඒ අනුව ප්‍රසම්පාදන කමිටුව ඒ සමාගමට ටෙන්ඩරය ලබා දීමට නිරදේශ කරනවා. නමුත් ඇමතිතුමාට ටෙන්ඩරය ලබා දීමට උවමනා වෙනත් සමාගමකටයි.

එම සමාගම ඉදිරිපත් කළ ටැබ් පරිගණකයට එෆ්සීසී ප්‍රමිති සහතිකය නෑ. නමුත් ඒක අනිවාර්ය ටෙන්ඩර් කොන්දේසියක්.

එෆ්සීසී හෙවත් ෆෙඩරල් කොමියුනිකේෂන් කමිෂන් සහතිකයෙන් තහවුරු කරන්නේ ටැබ් පරිගණක නිසි ප්‍රමිතියෙන් සකසා ඇති බවටයි. නිසි ප්‍රමිතියෙන් නොවුණාම විදුලි සැර වැදීමේ අවදානමට වගේම භයානක කිරණ වලට ගොදුරු වීමේ අවදානමත් තිබෙනවා. ඒ නිසා තමයි එක ටැබ් යන්ත්‍රයක් රුපියල් විසි දහසක් වෙන විට තවත් ටැබ් යන්ත්‍රයක් රුපියල් ලක්ෂ දෙකක් වෙන්නේ. ටැබ් පරිගණකයෙන් විහිදෙන කිරණ වලින් වඳ බව වගේම පිලිකාව සහ ඇස් පෙනීම දුරවල වීමත් සිදු විය හැකියි.

ජනාධිපතිතුමන් සහ මුදල් අමාත්‍ය තුමන් තමන්ගේ නිරීක්ෂණ එවමින් මෙම ටෙන්ඩරය අවලංගු කරලා අලුතෙන් ටෙන්ඩර් කැඳවන්න කියලා නිර්දේශ කරනවා. නමුත් අවාසනාවට අධ්‍යාපන මැතිතුමන් මේ සියලු දෙනාගේම කනෙන් රිංගලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා තමන්ට අවශ්‍ය සමාගමට මේ ටෙන්ඩරය ලබා දීමට පෙබරවාරි මාසයේ මුල් සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගන්නවා.

ජනාධිපතිතුමනි, හිතවතා වුනත් අගමැතිතුමනි, වහාම මැදිහත් වී මෙම ටෙන්ඩරය නවත්වා අපේ ළමා පරපුර භයානක ලෙඩ වලින් බේරා ගන්න මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසමට මේ පිළිබඳ පැමිණිලි කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ටෙන්ඩර් කැඳවූ 2017 සහ මිළ දී ගැනීම සිදුවන 2019 අතර රුපියලේ පිරිහීමට අදාළව රුපියල් මිලියන 965 ක ගෙවීම් කිරීමට අමතර අරමුදල් ඉල්ලා ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. වසර දෙකක් තුල දී රුපියල පිරිහීම පමණක් නොව තාක්ෂණය වෙනස් වන නිසා 2017 පරිගණකය දැන් යල් පැනලා වටිනාකමත් පිරිහෙනවා. ඒ ගැන ඇමති මණ්ඩල පත්‍රිකාවේ වචනයක් වත් නෑ. මේක අසරණ දරුවන් ලෙඩ කරන බාල පරිගණක විකිණීමක් පමණක් නොව මහජන මුදල් මංකොල්ලා කෑමක්.


අරවින්ද අතුකෝරල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button