දේශපාලන

“එක්සත් ජාතික පක්ෂය කිසිදු මැතිවරණයකට භය නෑ”

- අමාත්‍යය නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වෙන කිසිඳු මැතිවරණයකට බිය නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පැවසීය.

නවින් දිසානායක මහතා ඒ බව කියා සිටියේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 380 දෙනෙකුට පාංශු සංරක්ෂණය සඳහා රු ලක්ෂ 6 ක චෙක්පත් බෙදා දිමේ උත්සවයට ඊයේ (25) සහභාගී වූ අවස්ථාවේ පැවති ජනහමුව අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේ මුදල් අමාත්‍යයවරයා මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවයි.

ඉදිරියේදි මුලින්ම පවත්වන්නේ ජනාධිපති මැතිවරණයක් බවත්, එම මැතිවරණයට මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් බවයි නවින් දිසානායක මහතා කියා සිටියේ.

දුෂිතයන්ට,සොරුන්ට සහ බේබද්දන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට කථික බලය ලබාදෙන්නේ මේ රටේ ජනතාව බවත්, ඒ සඳහා ඡන්ද දායකයාට අයිතියක් තිබෙන බවත්, අමාත්‍යය නවින් දිසානායක මහතා පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button