දේශීය

දෙස් විදෙස් සංචාරකයන්ට සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට අවස්ථාව

දෙස් විදෙස් සංචාරකයන්ට සප්ත කන්‍යා කදුවැටිය සංචරය කිරිමට සහ තරණය කිරිමට අවස්තාව උදාකරන බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පවසයි.

මෙතෙක් ශ්‍රි ලංකාව තුල සිදු වු බිහිසුණුතම ගුවන් අනතුර සිදු වුණු ලක්ෂපාන කදුවැටිය සංචාරය කිරිමටත් තරණය කිරිමටත් දෙස් විදෙස් සංචාරකයන්ට ළඟදීම අවස්ථාව ලබාදෙන බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.

මධ්‍යම පාලත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ සංකල්පයක් මත අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සංචාරක කලාපයක් බවට ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනට සමගාමිව සප්ත කන්‍යා කදුවැටිය තරණය කිරිමට සහ සංචාරය කිරිමට අවස්ථාව උදාකරන බවයි සභාපතිවරයා කියා සිටියේ.

සප්ත කන්‍යා කදුවැටි හතෙන් කදු හයක් තරණය කිරිමටත් හයවෙනි කදුවැටිය තුල නැරඹුම් මැදිරියක් ස්ථාපනය කරන බවත්, සප්ත කන්‍යා කදුවැටිය තරණය කිරිම සහ සංචාරය කිරිමට වනජිවි දෙපාර්තුමේන්තුවෙන් නිසි අවසර ලබාගෙන ඒ සදහා තවත් රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගය ලබා ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

සප්ත කන්‍යා කදු තරණය සහ සංචාරය කිරිමෙන් ශ්‍රි පාද රක්ෂිතයේ වෙසෙන අලි රංචුව දැකබලා ගැනිමට අවස්ථාව උදාවෙන බවත්, සප්ත කන්‍යා කදුවැටියේ සිට ලක්ෂපාන දියඇල්ල, ඇබඩින් දියඇල්ල, කදුකරයේ විදුලි බලාගාර සහ ශ්‍රි පාද රක්ෂිතයේ සුන්දර පරිසරයද දැක ගැනිමේ අවස්තාව උදාවෙන බවත්, පරිසර හිතකාමි ලෙස මෙම ව්‍යපෘතිය දියත් කිරිමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button