දේශීය

පොල් නිෂ්පාදන අපනයනයෙන් රුපියල් බිලියන 95 ක ආදායමක්

පොල් කර්මාන්තයේ මුළු අපනයනයෙන් පසුගිය වසර තුළ රුපියල් බිලියන 95 ක ආදායමක් ලබා ගැනීමට හැකිවී තිබේ.

2022 වන විට එම ආදායම දෙගුණ කිරීමට බලාපොරොත්තු වන බව පොල් සංවර්ධන අධිකාරියෙහි සභාපති උදය රූබසිංහ මහතා පවසයි.

2014 වසරේදී මෙම ආදායම රුපියල් බිලියන 73ක් වු අතර 2018 වසර හා සසදා බලන විට රුපියල් බිලියන 22 ක් පැහැදිලි වර්ධනයක් දැකිය හැක.

2017, 2018 වර්ෂ වලදි අඩු පොල් පලදා තත්වයක් පැවතියද පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි සැලකිය යුතු වර්ධනයක් දක්නට හැකි විය.

බොහෝ පිරිස් පොල් කර්මාන්තය සඳහා විශේෂ උනන්දුවක් දැක්වු අතර විශේෂයෙන් ගතවු වසර 4 තුළ නැවුම් පොල් තෙල්, පොල් කිරි, පොල් ක්‍රීම් හා පිටිකල පොල් කිරි යන නිෂ්පාදනයන්හි වර්ධනයක් දක්නට ඇත.

2015 වසරේ සිට පොල් පිටි හා පොල් බටර් සදහා ලෝක වෙළදපොල අවස්ථා විවෘත විය. උද්‍යාන වගා ආශ්‍රිත කොහු නිෂ්පාදන අපනයන ආදායම 2014 දී රුපියල් බිලියන 4ක් වු අතර එය 2018 වසරේදී එම ආදායම රුපියල් බිලියන 10 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවු බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button