දේශීය

මුතුරාජවෙලින් වැටලූ මහා පරිමාණ කසිප්පු ස්කාගාරය

ජා – ඇල, මුතුරාජවෙල වගුරු බිම ආසන්නයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

පසුගිය දා (20) වැටලූ මෙම ස්කාගාරය මුතුරාජවෙල වගුරු බිම ආසන්නයේ ඇල මාර්ගයක පවත්වාගෙන ගොස් තිබෙනවා.

එබැවින් එය තරණය කර වැටලීමට සුරාබදු නිලධාරීන්ට සිදුවී ඇති අතර සුරාබදු නිලධාරීන් දින 03ක් පුරා සිදුකරන ලද තොරතුරු සොයා බැලීමකින් අනතුරුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එම ස්ථානයේ තිබී නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල් 1800 ක්,ගෝඩා ලීටර් 7500 ක් අඩංගු බැරල් 30ක්, තඹ දගර 15ක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇති අතර, එම ස්ථානයේ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති කසිප්පු ඇතුළු දේපල වල වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බව වැටලීම කළ නිලධාරීන් පවසනවා.

මෙම වැටලීමේදී පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකු පසු පස හඹා ගිය සුරාබදු නියාමකවරයෙකු උණු ගෝඩා වළකට වැටීමෙන් පිළිස්සුම් තුවාල ලබාඇති අතර ඔහු ප්‍රතිකාර සදහා රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරුවන් ජා ඇල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්.සේමසිංහ, සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම එම්.ඩී.එම්.ඩබ්.කේ.දිසානායක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ යන පිරිසගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී (විශේෂ මෙහෙයුම් ඒකකය) චන්න වීරක්කොඩිගේ අධීක්ෂණය යටතේ සුරාබදු ස්ථානාධිපති (විශේෂ මෙහෙයුම් ඒකකය) ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එම්.හේමන්තගේ මෙහෙයවීම මත එම ඒකකයේ සුරාබදු පරීක්ෂකවරුන් වන ජී.පී.රණවීර, ලසන්ත සංජීව මානන්නඋතුම්, අමිල සේනානායක, සුරාබදු නියාමකවරුන් වන ශාලිත නිලුපුල්, එන්.ටී.සී.කුරේ, මනෝජ්, ධම්මික කුමාර, දිනේශ් සහ සුරාබදු රියදුරු එදිරිසිංහ, මනමේන්ද්‍ර යන අය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button