දේශීය

“සිංහරාජය රැකගැනීම වෙනුවෙන්”

විරෝධතා 20වන දින දවස පුරා

ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් සංවිධානය කරන විරෝධතාව පෙබරවාරි 20 දින පැවැත්වේ.

එදින පෙරවරු 10 ට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්‍යාලය පිහිටි කොල්ලුපිටියේ, DFCC ගොඩනැගිල්ල ඉදිරිපිටදී ද, මධ්‍යාහ්න 12 ට පරිසර අමාත්‍යාංශය පිහිටි බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ සොබාදම් පියස ඉදිරිපිටදී ද, මෙම විරෝධතා පවත්වන බවත්, මේ දැවැන්ත පරිසර විනාශයට එරෙහිව එම විරෝධතා වලට සහභාගි වන ලෙසත් පරිසර සහ සිවිල් සංවිධාන රැසක එකමුතුවක් වන සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර ආරාධනය කරයි.

මෙම විරෝධතාවලට සමගාමීව යුනෙස්කෝ ලෝක උරුම පිළිබද මෙරට කටයුතු සම්බන්ධීකරණය කරන යුනෙස්කෝ ජාතික ලේකම් කාර්‍යාලයට, සිංහරාජයේ මෙම නීතිවිරෝධී ව්‍යාපෘතියට අවශ්‍ය ණය ලබා දෙන ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්‍යාලයට, පරිසර අමාත්‍යාංශයට, මධ්‍යම පරිසර අධිකාරියට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා ලිපි භාර දීමට ද නියමිත බව සංවිධායකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button