දේශීය

උඩවලව ජාතික වනෝද්‍යානයේ අඩුපාඩු බොහොමයි

උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් ඇතත්, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව පෙනී යනවා.

මේ නිසා ගැටලු රැසක් මතුව ඇති බවයි සෆාරි ජීප් රථ රියදුරන් පෙන්වා දෙන්නේ. සංචාරකයින් විශාල පිරිසක් උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණිම නිසා තදබදයක් ඇතිවී තිබෙනවා. එක් ප්‍රවේශ දොරටුවක් පමණක් තිබීමෙන් සෆාරි ජීප් රථවලට දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම විශාල ගැටලුවක් වී තිබෙනවා.

ප්‍රවේශ පත්‍රයකට රුපියල් 5,000කට අධික මුදලක් අය කරන බව, සංචාරක මඟ පෙන්වන්නන් පවසයි. සංචාරකයින්ගේ පැමිණිම වර්ධනය වීමෙන් ජීප්රථ රියදුරන්ට හා ප්‍රදේශවාසීන්ට ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිව තිබෙනවා. නමුත් පහසුකම් නොමැති වීමෙන් සංචාරකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, අසතුටින් පිටව යන බව මඟ පෙන්වන්නන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button