දේශීය

තේ දළු නෙලීමේ තරගයක් බගවන්තලාවෙදී

තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරු කාන්තාවන්ව දිරි ගැන්විම සහ ඔවුන් තවදුරටත් තේ කර්මාන්තයේ රැකියාවල රඳවා ගැනිම සදහා තේ වතු සමාගම් විසින් තේ දළු නෙලිමේ තරග පවත්වමින් විවිධ වැඩසටහන් දියත් කර ඇත.

මෙම වැඩසටහනට සමගාමිව කැළනිවැලි සමාගමට අයත් බගවන්තලාව රොබ්ගිල් වත්තේ වතු කම්කරු කාන්තාවන් අතර තේ දළු නෙලිමේ තරගයක් පවත්වා එම තරගයෙන් ජය ගත් වතු තම්කරු කාන්තාවන්ට තෑගි මුදල් සහ පදක්කම් පැළදවිමේ වැඩසටහනක් එම වතු යායේ වතු අධිකාරි ඉන්ද්‍රගාලි ආරච්චි ප්‍රධානත්වයෙන් ඊයේ(13) එම වතුයායේදි පැවැත්විනි.

එම වතු යායේ හොදින් තේ දළු නෙළන වතු කම්කරු කාන්තාවන් 9 දෙනෙකු තොරාගෙන තේ වත්තේ හොදින් තේ දළු වැඩුණු කොටසක විනාඩි 30 ක කාලයක් තුල ප්‍රමිතියට අනුව වැඩිම තේ දළු නෙළන කාන්තාවන් තිදෙනා තෝරා තෑගි මුදල් සහ පදක්කම් ප්‍රධානය කිරීමයි මෙහිදී සිදු වුනේ.

මෙම තරගයේ පළමු ස්ථානය එම වතුයායේ එස්.කමලේෂ්වරි විසින් හිමි කරගත් අතර ඇය විසින් විනාඩි 30 ක කාලයක් තුල අමු තේ දළු කිලෝ 4යි ග්රෑම් 380ක් නෙලාගනිමින් ලකුණු 94 ක් ලබාගත් අතර, දෙවන ස්ථානය කිලෝ 3යි ග්රෑම් 850ක් නෙලා ගනිමින් ලකුණු 93.66ක් හිමිකරගත් එස්.මංජුලා විසින් දෙවන ස්ථානය දිනාගත් අතර තෙවන ස්ථානය එම වතුයායේ එස්.තෙයිවානේ විසින් කිලෝ 4ක් නෙලා ගෙන ලකුණු 93.11 ලබාගනිමින් තෙවන ස්ථානයද හිමිකරගෙන ඇත.

මෙම තරගයෙන් ජයග්‍රහනය කල තිදෙනාටම මුදල් තැගි ලබාදුන් අතර පළමු ස්ථානය ලබා ගත් එස්.කමලේෂ්වරි ඇතුළු පවුලේ සැමට එක් දිනක් තුල දිවයිනේ ඕනැම ස්ථානය සංචාරය කිරිමට අවශ්‍යය මුල්‍යය අනුග්‍රහය දැක්විමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබුණි.

මෙම තරගාවලිය මේ වසරේ අවසන් කාර්තුවේදි අනතර් වතු සමාගම් අතර පැවැත්විමට තේ වතු සමාගම් තිරණය කර ඇත.

ඊයේ පැවති මෙම තරගය එම වතු යාය තුලදි අති උත්කර්ෂවත් අන්දමින් සැමරීය.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button