දේශීය

“මෙවර අයවැයෙන් වතු කම්කරුවෙකුට දිනකට නව දිමනාවක්”

- අමාත්‍යය දිගම්බරම්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය රජය සමග පැවැත්වු සාකච්ඡාවලින් සාර්ථක ප්‍රගතියක් ලැබි ඇති බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය දිගම්බරම් මහතා පැවසීය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යය දිගම්බරම් කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වතු කම්කරුවනගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පසුගියදා අත්සන් කෙරුණු වසර දෙකකට බල පැවැත්වෙනසේ අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවෙකුට රුපියල් 20 වැටුපක් පමණක් බවයි.

එම වැටුප ප්‍රමාණවත් නොවිම හේතුවෙන් අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබා දිම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යය නවීන් දිසානායක, කම්කරු අමාත්‍යය රවින්ද්‍ර සමරවිර යන මහත්වරුන් සහ දෙමළ ප්‍රගිතශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් සමග ඊයේ (12) පස්වරුවේ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධණ අමාත්‍යයංශයේදි පැවති සාකච්ඡාවේදි මෙවර අයවැය මගින් වතු කම්කරුවෙකුට දිනක වැටුපට අමතරව නව දිමනාවක් ලබාදිමට එකඟතාවක් ඇති කර ගත් බව අමාත්‍ය දිගම්බරම් පැවසිය.

වතු කම්කරුවෙකුට නව අවබෝධතා ගිවිසුම අනුව දිනකට ගෙවිමට නියමිත රුපියල් 750ක වැටුපට අමතරව රජය මගින් තවත් දිමනාවක්ද ගෙවන බවයි අමාත්‍යය දිගම්බරම් වැඩිදුරටත් කියා සිටියේ.

පළමු වසර තුල එම වැටුප රජයෙන් ලබා දි දෙවන වසර තුල වතු සමාගම් ප්‍රතිසංස්කරණයකට ලක් කිරිම කෙරෙහිද මෙම සාකච්ඡාවේදි එකගතාවය ඇති කරගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

අයවැයෙන් වතුකම්කරුවන්ට ලබාදිමට නියමිත දිමනාව හිඟ වැටුප සමග ලැබෙන බවත් එම වැටුප ලබා ගැනිමට දෙමළ ප්‍රගිතශිලි සන්ධානය රජය සමග සාකච්ඡා පවත්වා ලැබු විශාල ජයග්‍රහනයක් බවත්, වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර අත්සන් කෙරුණු නව අවබෝධතා ගිවිසුම අධිකරණය හමුවේ අභියෝගයට ගත් කිරිමට නොහැකි බවත් තව දුරටත් දිගම්බරම් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඉහත සඳහන් කළ එකඟතාවය අනුව,
නව අවබෝධතා ගිවිසුම සහ රජය මගින් අයවැයෙන් ලබා දිමට නියමිත දිමනාව සමග වතු කම්රුවෙකුට දිනකට රුපියල් 800 ඉහල වැටුපක් ලබා දිමට නියමිතය.

මෙම සාකච්ඡාවට දමිල ප්‍රගිතශිලි සන්ධානයේ අමාත්‍යය මනෝ ගනේෂන්, කැබිනට් නොවන අමාත්‍යය වි රාධාක්‍රිෂ්නන්, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිවාගනම් තිලකරාජ්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්වින්ද කුමාර් යන මහත්වරුන් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button