දේශීය

බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන්ගේ ඉහලයෑමක්

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කයන්හි ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වී තිබේ.

බස්නාහිර පළාතෙන් අලුතින් වාර්තා වූ රෝගීන්ගේ ප්‍රතිශතය 41‰ කි.

ලාදුරු යනු බැක්ටීරියාවකින් බෝවන නිදන්ගත රෝගයකි.

ශ්වසන මාර්ගයෙන් නිකුත්වන ආසාදිත බිඳිති මඟින් රෝගය ව්‍යාප්ත වන බව ද සොයාගෙන ඇත.

පසුගිය වසර 10 තුළ වාර්ෂිකව නව රෝගීන් 2000 බැගින් වාර්තා වී ඇති බව රජය පවසයි.

2018 වසරේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 26 පුරා පුද්ගලයන් 1683 දෙනෙක් අලුතින් රෝගීන් ලෙස හඳුනාගෙන ඇත.

2018දී අලුතින් හඳුනාගත් රෝගීන්ගෙන් 41‰ක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර ඒම සංඛ්‍යාව 691කි.

ඒසේම 2018දී වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

වයස අවුරුදු 15ට අඩු ළමා රෝගීන්ගේ ප්‍රතිශතය 9.5‰ කි.

ළමා රෝගීන් වැඩිපුර වාර්තා වූ දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර ය.

වර්තමානයේ හඳුනා ගන්නා රෝගීන්ගේ රෝග ලක්ෂණ මතුවීමෙන් පසු මාස 6කට වඩා ප්‍රමාද වී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් ප්‍රමාණය 3‰ ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ලෝක ලාදුරු දිනය ජනවාරි 27 යෙදී තිබුණි.

නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button