දේශීය

කිලිනොච්චි රෝහලේ පළමු දණහිස් බද්ධය සාර්ථකයි

අවම පහසුකම් යටතේ කිලිනොච්චිය මහ රෝහලේ පළමුවරට දණහිස් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

කිලිනොච්චිය මහ රෝහල් විකලාංග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්.ශෂිකරන් මහතා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම ශල්‍යකර්මය පසුගිය 28 වැනි දා සිදු කර ඇත.

අදාළ ශල්‍යකර්මය සිදුකිරීමට අත්‍යාවශ්‍ය උපකරණ කිසිවක් මෙම රෝහලෙහි නොතිබුණු බවත්, එකී උපකරණ මන්නාරම මහ රෝහලෙන් ඉල්ලා එය සිදුකළ බවත් රෝහල් වෛද්‍යවරු පවසති.

මෙම සැත්කමට භාජනය වී ඇත්තේ ඇවිදීමේ අපහසුතාවයකින් පෙළුණු මන්නාරම, පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. මන්නාරම රෝහලේ මෙම ශල්‍යකර්මයට අවශ්‍ය භෞතික සම්පත් තිබුණද ඊට අවශ්‍ය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු නොමැතිවීම නිසා රෝගියා කිළිනොච්චි රෝහලට යොමු වී ඇත. එහෙත් එම රෝහලේ අදාළ විෂය සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු සිටි අතර අවශ්‍ය උපකරණ තිබී නැත.

මීට පෙර උතුරු පළාතේ යාපනය රෝහල තුළ පමණක් අදාළ ශල්‍යකර්ම සිදුකිරීමට පහසුකම් පැවැති අතර මින් පසු කිලිනොච්චිය රෝහලේදී ද එම පහසුකම් ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button