දේශීය

ලංකාවේ පාසලක එක් ශ්‍රේණියක් සම්පූර්ණයෙන්ම smart classroom බවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ පාසලක් තුළ පළමු වරට එක් ශ්‍රේණියක් සම්පූර්ණයෙන්ම සුහුරු පන්ති කාමර (smart classroom) බවට පත්කිරීම පෙබරවාරි 07 දා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විදුහලේදී සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව එම විදුහලේ අට වැනි ශ්‍රේණියේ සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පරිවර්තනය කිරීම සිදුවනු ඇති.

2017 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු සුහුරු පන්ති කාමර (smart classroom) වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලයේ ආරම්භ කරනු ලැබුයේ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් විසින්.

එහි තිබෙන සාර්ථකත්වය අනුව මෙසේ එම වැඩසටහන පුළුල් කර තිබෙනවා. මෙහි ඉගැනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය ටැබ් පරිගණක හරහා සිදුවෙනු ඇති.

මේ පිළිබඳව අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා,

“පෙබරවාරි 07 වනදා සිට ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලයේ 08 වසර සියළුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ පාසලක එක් ශ්‍රේණියක් සම්පූර්ණයෙන්ම සුහුරු පන්ති කාමර බවට පත්වීම මෙහිදී සිදුවෙනවා.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මා වෙත සහයෝගය ලබාදෙන කෝඩ්ජෙන් සමාගමටත්, අධ්‍යාපන අමාත්‍යංශයටත්, ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු විද්‍යාලයේ සියළු දෙනාටත් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නන් අයුරින් උපකාර කරන සියළුම දෙනාටත් මා ස්තූතිවන්ත වෙනවා.”යැයි සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button