දේශීය

මානවවාදී සැරයන් ක්‍රිෂ්ණපිල්ලේ නික්ම යයි

1984 වසරේදී ටෙලෝ සංවිධානය යාපනේ චාවකච්චේරිය පොලීසියට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ එහි රාජකාරියේ නිරතව සිටි සිංහල පොලිස් නිලධාරී 20 දෙනෙකුගේ දිවි බේරූ එවකට එම පොලිසියේ සේවය කළ පොලිස් සැරයන් බාලසිංහම් ක්‍රිෂ්ණපිල්ලේ (6891) පෙරේදා (29) අභාවප්‍රාප්ත වුණා.

ටෙලෝ සංවිධානය රාත්‍රී කාලයේදී මෙම ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ පොලිස් බැරැක්ක වල සිට සිංහල පොලිස් නිලධාරීන් 20 දෙනකු උපක්‍රමශීලී ලෙස පොලිස් ස්ථානය අසළ කැලෑවකට රැගෙනගොස් සඟවා තබා පසුව වෑන් රථයකින් ගෙනගොස් අලිමංකඩ හමුදා කඳවුරට බාරදී තිබූ බව ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියා.

1962 වසරේදී කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට බැදී ඇති ක්‍රිෂ්ණපිල්ලේ පසුව පොලිස් සැරයෙන් නිලයට උසස්වීමක් ලබා තිබෙනවා.

දේහය පේදුරුතුඩුව පුලෙවලි මාධ්‍ය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන 03 වනදා පූර්ණ පොලිස් ගෞරවාචාර සහිතව සුප්‍රමඩම් පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙනු ලබනවා.


ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button