විදේශීය

H I V ආසාධිතයන්ගේ අතිශය රහසිගත දක්ත අන්තර්ජාලයට

H.I.V ඒඩ්ස් සඳහා ප්‍රතිකාර ලබන සිංගප්පූරු වැසියන්ගේ හා විදෙස් සංචාරකයන්ගේ අතිශය රහසිගත දක්ත සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිංගප්පූරු බලධාරීන් පවසා සිටියේ වර්ෂ 2016 සෞඛ්‍ය දක්ත ප්‍රමාණයක් මෙසේ සොරාගෙන ඇති බවයි.

එච්.අයි.වී. ආසාධිත ඇමෙරිකානුවෙකු මෙම දක්ත සොරාගැනීම සිදුකර ඇති බවට සැක කරන අතර, ඔහුගේ පෙම්වතිය සිංගප්පූරුවේ නමගිය වෛද්‍යවරියක බවවී වාර්තා වන්නේ.

පසුගිය වසරේදී සිංගප්පූරු අගමැති ලී හසෙන් ලූන්ග්ගේ දත්ත ඇතුළු සිංගප්පූරු වැසියන් මිලියන 1.5කගේ දක්ත සොරාගැනීමකට ලක්ව මසක් ගතවන මොහොතේ මෙය සිදුව තිබෙනවා.

මෙසේ සෙරාගත් දත්තවල අදාළ ආසාධිතයන්ගේ නම්, ලිපින, ඔවුන්ගේ එච්.අයි.වී. ආසාධිත තත්ත්වය මෙන්ම තවත් සෞඛ්‍ය වාර්තා පවතින බවයි බලධාරීන් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button