දේශීය

වතු කම්කරුවන් පිරිසක් අදත් උද්ඝෝෂනයක. දේශපාලකයෙකුගේ අනුරුවකට ගිනි තබයි….

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරිමට විරෝධය පා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අදත්(29) උද්ඝෝෂනයක නිරත වුණා.

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 700 දක්වාත් තේ මිල අනුව දිනකට රු 50 ක දිමනාවක් සහ අමතර නෙළන තේ දළු කිලෝවක් සදහා රු 40 ක මුදලක් සදහා වසර දෙකකට බල පැවැත්වෙන සේ වතු හාම්පුතුන්ගේ සංගමය හා ලංකා කම්කරු කොන්ග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ඊයේ(28) උදැසන අරලියගහ මන්දිරයේදි වසර දෙකකට බලපැවැත්වෙන සේ අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවයම අත්සන් කරනු ලැබුවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ වතු කම්කරුවන් අද දින සේවයට වාර්තා කිරිම ප්‍රථම එම වතුයායේ සිට කළු කොඩි අතතිව පෙලපාලියකින් බගවන්තලාව නගරය වෙත පැමිණ සිය විරෝධය දක්වා අවබෝධතා ගිවිසුමට අත්සන් කල වතුකරයේ දේශාපඥයින්ගේ සහ වතු සමාගම්වල නිලධාරින්ගේ අනුරුවක් සකස් කර හින්දු චාරිත්‍රානුකුලව අවමගුල් චාරිත්‍ර සිදු කල අනුරුවන් පුළුස්සා දමා සිය විරෝධය දක්වනු ලැබුවා.

විරෝධතාවයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ වතුකරයේ දේශපාලඥයින් රු 1000ක තමන්ට මුලික වැටුපක් තමන්ට ලබාදෙන බව පොරොන්දු වෙමින් තමන්ව මුලා කල බවයි.

ඉදිරියේදි පැවැත්වෙ මැතිවරණවලදි ජන්දය ඉල්ලා තමන් වෙත නොපැමිණෙන ලෙසටද උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් වතුකරය නියෝජනය කරන දේශපාලඥයින්ට කියා සිටිනවා.


චමත් කාවින්ද
ජනයුගය හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button