දේශීය

පොළොන්නරුවේ වනාන්තර අක්කර 8500ක් මහා පරිමාණ සමාගම්වලට

මහවැලි ගඟේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ත්‍රිකෝණමඩු වනාන්තරයේ අක්කර 8500ක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ , කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යාපෘති සඳහා මහා පරිමාණ සමාගම්වලට ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අනාවරණය වේ.

මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංඟාවක් වන කන්දකඩු ඔයේ පිටාර තැනි ආශ්‍රිතව පිහිටා ඇති විල්ලු හා ජලපෝෂක වනාන්තර මෙලෙස සමාගම්වලට ලබාදීමෙන් 300කට අධික අලි ගහනයක ගේ නිජබිම විනාශ වී යනු ඇත.අදට ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, සේරුනුවර,ලංකාපුර, මැදිරිගිරිය,තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මානවල පවතින අලි මිනිස් ගැටුම තවත් උග්‍ර වීමට පවතින ඉඩකඩ මෙමඟින් වැඩිවේ.

ජනතාවගේ සුරක්ෂිතතාව ඇතිකිරීම මිස සමාගම්වල සුරක්ෂිතතාව ඇතිකිරීම රජයක වගකීම නොවිය යුතු බැවින් කන්දකාඩුව හා ත්‍රිකෝණමඩු වනාන්තර සහ විල්ලු සමාගම්වලට ලබාදීමේ ක්‍රියාවලිය නතර කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුව ඇති බව මතක් කර දීමට කැමැත්තෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button