දේශීය

ගිරිතලේ රක්‍ෂිතයට කසළ බැහැර කිරීමෙන් පාරිසරික හානි

දඹුල්ල-බකමූණ මාර්ගයේ රිදී ඇල්ල ගිරිතලේ රක්‍ෂිතය ආශ්‍රිත ප්‍රදේශයට කසළ බැහැර කිරීම හේතුවෙන්, එම ස්ථානයේ දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතිනවා.

අවට වන සතුන් ද මුහුණ පා ඇත්තේ දැඩි සෞඛ්‍ය අවදානමකටයි. ඇලහැර ප්‍රාදේශීය සභාව නගරයෙන් එක් රැස් කරන කැලි කසළ මෙම ප්‍රදේශයට මුදා හරින බවයි වාර්තා වන්නේ. ඊට විසඳුම් ඉල්ලා ඇතත්, මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැහැ.

කසළ ආහාරයට ගැනීමට හුරුවී සිටින අලි-ඇතුන් සහ අනෙකුත් සතුන් අදාළ ස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. දිරන සහ නොදිරන අපද්‍රව්‍ය වෙන් නොකර ගෙනැවිත් දැමීම නිසා, වන අලින් ඒවා ආහාරයටය ගැනීමෙන් දැඩි සෞඛ්‍ය තර්ජනයක් එල්ල වෙලා.

මෙය පොලිතින්වලින් තොර කලාපයක් ලෙස දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇතත්, කසල බැහැර කිරීම සිදුවෙන්නේ එවැනි පසුබිමකයි. මේ පිළිබඳව අප ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක නලින් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා.

වන අලින්ගේ වසුරුවල නොදිරන පොලිතින් රැසක් දක්නට ලැබෙනවා. අප වාර්තාකරු පවසන්නේ, කසළ ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින් පෙන්වමින් ඇතැම් සංචාරක මඟ පෙන්වන්නන් මුදල් අයකර ගැනීමට ද පෙළඹී සිටින බවයි.

ප්‍රදේශවාසීන් පසුවන්නේ, කලක සිට පවතින ගැටලුවට බලධාරීන්ගෙන් ස්ථිර විසඳුමක් කඩිනමින් ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button