දේශීය

නුවරඑළියේ තවත් ප්‍රදේශයකට සේනා පහර දෙයි…. තවත් බෝග රැසක් අනතුරේ….

නුවරඑළිය ගිනිගත්හේන අඹගමුවේ බඩ ඉරිඟු වගාවකින් සේනා දළඹුවන් හමුවි තිබෙනවා.

අඹගමුව ප්‍රදේශයේ අක්කර 1 ½ පමණ භුමි භාගයක වගා කර තිබු බඩ ඉරිගු වගාවකට මිට දින කිහිපයකට ප්‍රථම සේනා දළඹුවන් පැති සිටි බවයි එම බඩ ඉරිගු වගාවේ අයිතිකරුවන ජි.ඩි.දයාසිරි මහතා පවසන්නේ.

බඩ ඉරිගු ගස්වල පැතිර සිටින සේනා දළඹුවන් දිනපතා ඉවත් කරන බවත්, බඩඉරිගු වගාව ආරක්ෂා කර ගැනිම සදහා දිනපතා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් නිර්දේෂ කර තිබෙන අළු යොදවන බවත්, මේ පිලිබදව කෘෂිකර්ම නිලධාරින් පැමිණ පරික්ෂණ පැවැත්වූ බවත් එම මහතා වැඩිදුරටත් කියා සිටියා.

එම බඩ ඉරිඟු වගාව අසලම වි ගොවිතැන සහ එළවළු වගාව සිදු කරන බවත්, එම වි ගොවිතැනට සහ එලවළු වගාවටද සේනා දළඹුවන් ව්‍යාප්ත විමේ අවධානමක් පවතින නිසා වගාවන් තුනම ආරක්ෂා කර ගැනිම දැඩි කැපවිමක් සිදු කලයුතු වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට හැටන් – රුවන්පුර, වලපනේ, තෙරිපැහැ සහ ගිනිගත්හේන – අඹගමුව ප්‍රදේශවල සේනා දළඹුවන් ව්‍යාප්තවී වාර්තා වී තිබෙනවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button