ව්‍යාපාරික

21 වසරක් සපුරන JMC ජාත්‍යන්තර පාසල් ජාලය

ආරම්භය:

1998 වර්ෂයේදී කීර්තිමත් අධ්‍යාපනඥයෙකු වන දේශමාන්‍ය, දේශකීර්ති JMUB ජයසේකර මහතා විසින් JMC ජාත්‍යන්තර පාසල ආරම්භ කරන ලද්දේ බොහෝ අය එය කළ නොහැකි දෙයක් බවට ඒත්තු ගන්වා තිබූ වකවානුවකය. එකල ජාත්‍යන්තර පාසල් වර්තමානයේ තරම් ව්‍යාප්ත ව නොතිබූ අතර, පැවති ජාත්‍යන්තර පාසල් කිහිපය ද තෝරාගත් පැළැන්තියකට සීමා වුණු ඒවා විය. කොත්මලේ වැනි ඉතා දුෂ්කර පළාතකින් කොළඹට පැමිණ ජීවිතය ජය ගත් ජයසේකර මහතා තුළ සිහිනයක් විය. “අධ්‍යාපනය ඇති හැකි අයට පමණක් සීමා විය යුතු නැත්තේය. එය විශ්වීය අයිතියකි. මා නොලද ඉංග්‍රීසි මාධ්‍යය අධ්‍යාපනය මාගේ අනාගත පරපුර ලැබිය යුතුමය” යන එම සිහිනය ඔස්සේ යමින් ළමුන් තිස් දෙදෙනෙකුගෙන් (32) ඉතාමත් කුඩාවට ජාත්‍යන්තර පාසල අරඹන ලද්දේ කොළඹ 09 ප්‍රදේශයේදී ය.

ඒ ඇරඹි ගමන තුළ අද වන විට ශාඛා ජාලය ලංකාව පුරා දිස්ත්‍රික්ක 12 ක, මධ්‍යස්ථාන 20 ක් දක්වා ව්‍යාප්ත වෙමින් මහරගම, හැව්ලොක් ටවුන්, කිරිබත්ගොඩ, රත්නපුර, කලුතර, බණ්ඩාරවෙල, ගම්පහ, මීගමුව, අංගොඩ, කඩුවෙල, කුරුණෑගල, නිට්ටඹුව, කෑගල්ල, පොළොන්නරුව, මහනුවර, ගම්පොළ, අම්පිටිය, කොත්මලේ, පේරාදෙණිය යනාදී ප්‍රදේශයන් හිදී ජනතාව වෙත සමීප විය. එදා ළමුන් 32 කින් ඇරඹි කුඩා ජාත්‍යන්තර පාසල, අද ළමුන් 5,000 ක ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලාංකේය ප්‍රජාවට අමිල සේවයක් ඉටු කරමින් සිටී. එදා පළමුව JMC වෙත පැමිණි ළමුන් 32 න් එක් ශිෂ්‍යයෙකු JMC වෙතින් උසස් අධ්‍යාපනය ලබා, උපාධි ඇතුලු සුදුසුකම් සම්පූර්ණ කර, JMC වෙතින්ම වරලත් ගණකාධිකරණය හදාරා, වයස අවුරුදු 26 දී වරලත් ගණකාධිකාරීවරයෙකු විය. ඔහු නමින් තරිඳු පෙරේරා වෙයි. අද ඔහු මැද පෙරදිග ජාත්‍යන්තර විගණන සමාගමක විගණන කළමනාකරුවෙකු ලෙස සේවය කරයි. ජයසේකර මහතා පවසන පරිදි එය ලෝක වාර්තාවකි. ජාත්‍යන්තර පාසලක පළමු සිසු පිරිසෙන් රටක අතළොස්සක් වන වරලත් ගණකාධිකාරීවරයෙකු බිහි කිරීමට එතෙක් මෙතක් කිසිවෙකුට නොහැකි විය. එලෙසින්ම JMC ජාත්‍යන්තර පාසල් ජාලයේ ආදි සිසුන්, උපාධිධාරීන්, නීතීඥයින්, ව්‍යවසායකයින්, කළමනාකරුවන් හා ප්‍රධාන විධායක නිළධාරීන් දක්වා ඉහළ තනතුරු තෙක් ගමන් කිරීමට හැකිවීම JMC 21 වසරක් තුළ ඉටු කළ සේවයේ ප්‍රතිඵලයන්ය.

2017 වර්ෂයේදී ලංකාවේ හොඳම අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස ජනාධිපති සම්මානයට පත්වුණු JMUB ජයසේකර මහතා අද වන විට JMC ජාලය සිය දෙවන පරපුර නියෝජනය කරන වරලත් ගණකාධිකාරිණිී තරංගා ජයසේකර, වරලත් ගණකාධිකාරී සංදීප ජයසේකර සහ තොරතුරු තාක්ෂණ උපාධිධාරී උදාර ජයසේකර යන සිය දූ පුතුන් වෙත දායාද කර JMC ආයතනයේ සභාපති ලෙසින් ආයතනයේ දියුණුවට අනුශාසකත්වය ලබා දේ.

JMC වෙතින් ඔබට ලැබෙන දේ:
ජාත්‍යන්තර පාසලක් යන නම ඇසුණු සැනින් බොහෝ අයට මතක් වෙනුයේ බටහිර සංස්කෘතියට ගැති දේශීය සංස්කෘතිය අගය නොකරන විනය පිරිහුණු සිසු ප්‍රජාවක් වුවද, JMC අන් සියලු ජාත්‍යන්තර පාසල් තුළින් වෙනස් වන්නේය. “අපේ කම රැකගත් ජාත්‍යන්තර පාසල” යන්න ඔවුන්ගේ තේමාව වේ. තේමාවෙන් පැවසන පරිදි දේශීය සංස්කෘතික වටිනාකම් අගයන දරු පරපුරක් බිහි කිරීම ඔවුන්ගේ අරමුණයි. JMC ජාත්‍යන්තර පාසල් ජාලය තුළ මවුපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන්ට ගරු කිරීම, කළගුණ සැළකීම, ආගමානුකූලව ජීවත් වීම, ජාතීන් හා ආගම් අතර සහජීවනය වර්ධනය කිරීම, දේශීය වටිනාකම් සහිත දින උත්සවශ්‍රීයෙන් සැමරීම යනාදිය තුළින් ඔවුන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වෙනත් මානයක් බිහි කර ඇත. විනය අංක 01 JMC නීතියයි. විනයගරුක බුද්ධිමත් පරපුරක් දැයට දායාද කිරීමේ උතුම් අරමුණකින් JMC ජාලය තුළට අත්දැකීම් බහුල, සුදුසුකම් ලත් විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇත. ජයසේකර මහතා ඇතුලු ඉහළ කළමනාකාරීත්වය මඟින් බොහෝ කාලයක් සහ වෙහෙසක් ගෙන සම්පාදනය කරන වාර්ෂික සැළැස්මක් අනුව යමින් ඉතා ක්‍රමානුකූලව JMC ජාත්‍යන්තර පාසල් පද්ධතිය පාලනය කෙරේ.

JMC ජාත්‍යන්තර පාසලට අනුබද්ධිත වූ පෙර පාසල් ජාලය ලංකාවේ විශාලතම පෙර පාසල් ජාලය වන අතර, එහි ළමුන් දහසකට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි. එහිදී ළමයා මූලික කොට ගත් ක්‍රමාණුකූල අධ්‍යාපනයක් රජයේ පිළිගත් ප්‍රමිතීන් යටතේ ලබා දෙන අතර, එය දෙමාපියන් අතර ඉහළ ප්‍රසාදයකට ලක්ව ඇත්තේ ‘JMC ළමුන් අනික් ළමුන්ට වඩා දක්ෂය’ යන වැකිය සෑම කෙනෙකුගේ ම මුවගින් පැවසෙන බැවිනි. ළමා අවධියේ ක්‍රියාකාරකම් සමඟින් ලැබිය යුතු අධ්‍යාපනය ද සමඟින් සෞන්දර්ය හැකියාවන්, ඉංග්‍රීසි, සිංහල, දෙමළ හා ප්‍රංශ ඇතුලු භාෂා දැනුමෙන් සහ ගණිත සංකල්ප යනාදියෙන් ද JMC දරුවන් ඉදිරියෙන්ම සිටිති.

JMC ජාත්‍යන්තර පාසල් ජාලය තුළ 1 වසර සිට උසස්පෙළ දක්වා දේශීය විෂය නිර්දේශය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කෙරෙන අතර, JMC සිසු දරුවන් සාමාන්‍ය පෙළින් ්9 ක් සහ උසස් පෙළින් ්3 ක් දක්වා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් අන් සියලු ජාතික සහ ජාත්‍යන්තර පාසල් අතර කැපී පෙනෙන පාසලක් බවට පත්ව ඇත.

හුදෙක් පොතින් පතින් ලබන අධ්‍යාපනය තුළින් අද සමාජයට, ව්‍යාපාරික ලෝකයට අවශ්‍ය පුද්ගලයින් බිහිවන්නේ නැත. අද ලෝකයට අවශ්‍ය වන්නේ බහුකාර්ය හැකියාවක් සහිත දක්ෂයින්ය. ඔවුන් තුළ ඉතා ඉහළ තොරතුරු තාක්ෂණ දැනුමක් තිබිය යුතුමය. JMC ජාත්‍යන්තර පාසල තුළ 1 වසරේ සිට තොරතුරු තාක්ෂණය විෂයයක් ලෙස ඉගැන්වෙන්නේ ද, JMC පරිගණක පාසලේ ළමා පරිගණක පාඨමාලා තුළින් පරිගණක භාවිතයේ දැනුම දියුණු කරන්නේ ද එම අවශ්‍යතාවය ජය ගැනීමටයි.

එමෙන්ම ස්වාධිපත්‍ය පළමු කොට ගත් අතාර්කික පුද්ගලයන් නොව අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්ගෙන් හෙබි ඉහළ සංවිධාන ශක්තියකින් සහ ධනාත්මක සංකල්ප වලින් සමන්විත දක්ෂයන් පිරිසක් වර්තමාන ව්‍යාපාර ලෝකය ඉල්ලුම් කරයි. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ බිහිවන ශ්‍රම බලකාය සහ රැකියා යෝජකයන්ගේ අපේක්ෂාවන් අතර පරතරයක් පවතී. මේ බව ඉතා හොඳින් අධ්‍යයනය කළ JMC කළමනාකාරීත්වය විසින් JMC ජාත්‍යන්තර පාසල් ජාලය තුළ අධ්‍යාපනය සකසා ඇත්තේ දැනුම, ආකල්ප සහ හැකියාවන් යන මූලධර්ම සංවර්ධනය වන ආකාරයටයි. ඒ අනුව JMC ජාත්‍යන්තර පාසල් ජාලය තුළ විෂය දැනුමට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම් මනාව ක්‍රියාත්මක වේ. සාම්ප්‍රදායික වාර්ෂික නිවාසාන්තර තරඟාවලි, විවිධ ප්‍රසංග, සීල ව්‍යාපාර, අවුරුදු උත්සව, නත්තල් උත්සව පමණක් නොව ගායන, නර්තන, කථික හා විවාද, තූර්ය වාදක, ගැමි ගායනා, කෙටි කතා යනාදී විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ද චෙස්, මලල ක්‍රීඩා, කරාටේ, ටයිකොන්ඩෝ, දැල්පන්දු, ක්‍රිකට්, බැඞ්මින්ටන් යනාදී නොයෙක් ක්‍රීඩා කෞෂල්‍යයන් ද බාලදක්ෂ, වාණිජ සංගම්, කලා කව යනාදී විවිධ ශිෂ්‍ය එකතූන් ද සියලු ආගමික හා ජාතික උත්සවයන් ද ඉතාමත් ඉහළින් සංවිධානය කෙරේ. JMC අපේ අරමුණ ආකල්ප ශක්තිමත් හැකියාවන්ගෙන් පරිපූර්ණ සංවිධායක ශක්තියකින් සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවකින් හෙබි දරුවන් දැයට දායාද කිරීමයි.

JMC ජාත්‍යන්තර පාසල් ජාලයේ තිබෙන තවත් එක් සුවිශේෂීතාවයක් ලෙස භාෂා දැනුමට ලබා දී ඇති ප්‍රමුඛත්වය හඳුනාගත හැක. JMC දරුවන් ඉංග්‍රීසි, සිංහල, දෙමළ සහ ප්‍රංශ යන භාෂා 4 ම හසළ දැනුමක් සහිතව සමාජයට එක්වෙති. ඒ අනුව ඔවුනට රැකියා ලෝකය තුළ විශාල පිළිගැනීමක් සහ ඉල්ලුමක් ලැබී ඇත.

JMUB ජයසේකර මහතාගෙන් පසු දෙවන පෙළ කණ්ඩායම නියෝජනය කරන එතුමාගේ දූදරුවන්ගේ අදහස JMC ජාත්‍යන්තර පාසල තව තවත් දියුණුවට පත් කර සුවහසක් විශ්වාසය දිනූ ලංකාවේ අංක 01 ජාත්‍යන්තර පාසල බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් JMC ජාත්‍යන්තර පාසලට සම්බන්ධ සියලූම දෙනා කැපවීමෙන් කණ්ඩායමක් ලෙස එකතු වී ක්‍රියාත්මක වේ. දැයේ දරුවන්ට ගුණාත්මක හා ගෞරවාන්විත අධ්‍යාපනයක් ලබා දී අනාගත ලෝකයට ගැළපෙන සබුද්ධික ප්‍රජාවක් කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි. 21 වසරක් ලකඹර බැබලුනු JMCය තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා යි ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button