දේශීය

කෙසෙල්ගමු ඔයේ ස්භාවික ගල් යට හාරා ඉතා සුක්ෂම ලෙස අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරමක්

බගවන්ලාවේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ස්භාවික ගල් යට හාරා එහි තුල වු මැණික් ඉල්ලම් ගොඩගෙන අනවසර මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශවාසින් පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් ටිනිසින් වත්ත ප්‍රදේශයෙන් කෙසෙල්ගමු ඔයේ ජලය පෞද්ගලික ජල විදුලි බලාගාරයකට රැගෙන යාම සදහා විශාල වේල්ලක් ඉදි කර ඇති අතර, එම වේල්ලට පහලින් කෙසෙල්ගමුඔයේ ජලය කිලෝමිටරයක් පමණ පහලට ගලා නොබසින නිසා මෙම ජාවාරම් කරුවන්ට මෙම අනවසර මැණික් ගැරිම ජයටම සිදු කල හැකි බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

පෞද්ගලික ජල විදුලි බලාගාර වලට ප්‍රධාන ගංගාවක් හරහා විදුලි උත්පාදනයට ජලය ලබා ගැනිමේදි ගලා බසිනා ජල ධාරිතාවෙන් 60% පමණ ප්‍රමාණයක් ලබාගෙන 40%ක ජල ප්‍රමාණය ස්භාවිකව ගලා බැසිමට ඉඩ සැලසිය යුතු බවට එම ජල විදුලි බලාගර පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබා දි ඇති බලපත්‍ර‍යේද සදහන් කර ඇත.

එම බලපත්‍ර නිති උල්ලංඝනය කරමින් කර්කස්වොල් වතුයායේ ඉදිකර තිබෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයකට විදුලි උත්පාදනය සදහා කෙසෙල්ගමු ඔයේ ගලා බසිනා සම්පුර්ණ ජල ධාරිතාව ලබාගැනිම හේතුවෙන් එම විදුලි බලාගාර වේල්ලට පහලින් ජලය පහලට ගලා නොබසින නිසා එම ඔයේ ජෛව විවිධත්වයටද බාධා පැමිණ ඇත.

එම අනවසර මැණික් ගැරිම සිදු කල ඇතැම් ස්ථානවල ගල් යට විශාල උමංද හාරා ඇති බව එහි ගිය අපිට දක්නට ලැබුණා.


චමත් කාවින්ද
ජනයුගය හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button