දේශීය

සේනා කුරක්කන් වගාවටත් පැතිරෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාව පුරා පැතිර තිබෙන සේනා දළඹු උවදුර මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුරක්කන් වගාවටද පැතිරගොස් තිබෙන බවට වාර්තා වෙයි.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 65ක පමණ වගාභූමි මේ වන විට සේනා දළඹුවාගේ ආක්‍රමණයට හසුව අැත.

එමෙන්ම තිබ්බටුවාගම, ඉලන්දගහවැව, ඇලයාපත්තුව, පහළගම, වානේලන්ද සහ වඳුරුපිටිය යන ගම්මාන පුරා පැතිර ගොස් තිබෙන මෙම සේනා උවදුරෙන් තිබ්බටුවාගම ප්‍රදේශයේ කුරුක්කන් වගාව සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බවටයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button