දේශීය

මන්ද මානසික රෝගීන් ශ්‍රී පාද වන්දනාවේ එක්කරගෙන ඒමේදී සැලකිලිමත් වෙන්න

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන ඇතැම් වන්දනා නඩවල පිරිස් විසින් මන්ද මානසික රෝගින්ව ශ්‍රි පාද වන්දනාවේ එක්කරගෙන එන නිසා, නල්ලත්න්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් කිරිමේදි ඇතැම් අවස්තාවල පවතින තද බදය නිසාත්, ගමනේ පවතින විඩාවත්, සමග තම නඩය සමග පැමිණි මන්ද මානසික රෝගියා අතරමං වි යන අවස්ථා තිබෙනවා. එවැනි රෝගින් අතරමං වු විට අතරමං වූ රෝගියාට තමන් පැමිණි නඩය සොයා දීමේදි ගැටළු රැසක් පොලිසියට මතු වනවන බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියා.

එමෙන්ම ඔවුන් පැමිණි නඩය පිළිබඳව හෝ ඔවුන් පැමිණි ගම් පලාත පිලිබඳව තොරතුරු පවා සොයා ගැනීමට නොහැකි වන අවස්තාද මතු වන බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.

කෙසේ වෙතත් නල්ලතන්නිය පොලිසිය මගින් දිවා රාත්‍රි දෙකේ පවත්වාගෙන යන සමනලගිරි සේවය හරහා අතරමං වුවන් සොයා දීමට විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button