විදේශීය

සමකාමී ට්‍රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

LGBT ප්‍රජාව වෙනුවෙන් හඬක් නැඟූ සමකාමී ට්‍රැප් ගායක කෙවින් ෆ්රේට් වෙඩි තබා ඝාතනය කර තිබේ.

කැරිබියානු දූපතක් වන පුවටෝ රිකෝ අගනුවරදී 10 බ්‍රහස්පතින්දා ඔහු මරා දමා ඇති බව පොලිසිය පවසයි.

මියයන විට කෙවින් ෆ්රේට්ගේ වයස අවුරුදු 24 කි.

යතුරු පැදියක් මාර්ගයේ ධාවනය කරමින් සිටියදී ඔහුට වෙඩි පහර 8 ක් එල්ල කර ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසා ඇත.

බොහෝ දෙනෙක් කෙවින් ෆ්රේට් හැඳින්වුයේ ප්‍රසිද්ධියට පත් පළමු සමකාමී ලතින් ට්‍රැප් ගායන ශිල්පියා ලෙස ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button