දේශීය

මහින්ද දින 55ක් තුල රටේ ජනතාවට සහන රැසක් දුන්නා. මේ ආණ්ඩුවෙන් ඒ කිසිවක් නැහැ….

- නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක

ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක මහතා පවසා තිබෙනවා. ඒ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරිම සදහා හැටන් නගරයේ අද (07) පැවති මාධ්‍යය සාකච්ඡාවකදීය.

වත්මන් රජයේ පාලන බලය වැඩිකල් නොයන බවත්, මේ රටේ ජනතාව මහ මැතිවරණයක් අපේක්ෂාවෙන් සිටින බවත්, සි.බි.රත්නායක මහතා කියා සිටියි.
අග්‍රමාත්‍යයවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා දින 55 ක් තුල මේ රටේ ජනතාවට සහන රැසක් ලබා දුන්නද වත්මන් රජයෙන් රටේ ජනතාවට එවැනි සහන ලබා නොදෙන බවද සි.බි රත්නායක මන්ත්‍රිවරයා මාධ්‍යය හමුවේදී කියා සිටියා.

ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරු පක්ෂග්‍රාහිව චක්‍ර ලේකන වලට පටහැනිව එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට රැකියා අවස්තා ලබාදිමට කටයුතු කරන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවත්, එවැනි ආකාරයට රැකි රක්ෂා ලබා දුන හොත් එයට එරෙහිව තමන් නැගී සිටින බවද සි.බි රත්නායක මහතා මේ මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button