දේශීය

සඟවා තිබූ ලක්ෂ 20ක තේකොල තොගයක් වතු කම්කරුවන් විසින් සොයා ගැනීමත් සමග, වතු කම්කරුවන් සහ පාලන අධිකාරිය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්

හැටන් දික්ඔය තේ කර්මාන්ත ශාලාවක සඟවා තිබු රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා නිමි තේ කොළ කිලෝ හාරදහසක් වතු කම්කරුවන් සොයා ගනියි. වතු කම්කරුවන් සහ පාලන අධිකාරිය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

බගවන්තලාව වැවිලි සමාගමට හැටන් දික්ඔය වනරාජා තේ වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ ගබඩාක සඟවා තිබු නිමි තේ කොළ කිලෝ හාරදහසක් පමණ වතු කම්කරුවන් විසින් අද (04) සොයා ගැනිමත් සමගම වතු කම්කරුවන් හා පාලන අධිකාරිය සමග දැඩි නොසන්සුන්කාරි තත්ත්වයත් ඇති විය.
එම තේ කර්මාන්ත ශාලාවෙන් පිටත ගබඩා කාමරයක පොලිතින් උර වල බහා වතු පාලන අධිකාරියට නොදන්වා තේ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා විසින් රු ලක්ෂ 20 පමණ වටිනා හොඳ වර්ගයේ නිමි තේ කොළ තොගය රහසිගතව අලෙවි කිරිම සදහා ගබඩා කර තිබු බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.

වතු කම්කරුවන්ගේ නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිති කිහිපයක දේශාපලඥයින්ද තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණ වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා පැවැත් වු අතර එහිදි වතු පාලන අධිකාරිය වතු කම්කරුවන්ට සහ දේශපාඥයින්ට පවසා ඇත්තේ තේ කර්මාන්ත ශාලාවේ තිබිය යුතු නිමි තේ කොළ ප්‍රමාණයට වඩා අමතර නිමි තේ කොළ ප්‍රමාණයක් සගවා තිබිම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

සඟවා තිබු නිමි තේ කොළ සම්බන්ධයෙන් තේ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා එරෙහිව පරික්ෂණයක් ආරම්භ කරන බවද වතු පාලන අධිකරිය වතු කම්කරුවන්ට දැනුම් දි තිබෙනවා.

වතු කම්කරුවන් කියා සිටින්නේ තමන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලින් කරන ලද ඉල්ලිම් වලට වතු සමාගම් එකඟතාවය පළ නොකරමින් වතු සමාගම් පවසා ඇත්තේ තම සමාගම් පාඩු ලබන නිසා එම මුලික වැටුප ලබා දිය නොහැකි බවයි.

රහසිගත ලෙස නිමි තේ කොළ අලෙවි කර වතු පාලන අධිකාරියේ ඇතැම් පිරිස් මෙසේ අයතා ලෙස මුදල් විශාල වශයෙන් ලබා ගනිද්දි තමන් අඩු වැටුපකට වතුකරයේ තවදුටත් වැඩ කරන බව වතු කම්කරුවන් කියා සිටියි.

සගවා තිබු නිමි තේ කොළ සම්බන්ධයෙන් බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරි මංජුල සමරකොන් මහතාගෙන් අප කළ විමසුමකට ඔහු කියා සිටියේ තේ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා ඇතුළු තවත් නිලධාරින් කිහිප දෙනෙකු එක් වි නිමි තේ කොළ සොරකම් කිරිමට උත්සහ දරා ඇති බවයි .

ඒ සම්බන්ධයෙන් එම නිලධාරින්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද මංජුල සමරකොන් මහතා තවදුරටත් කියා සිටියේය.


චමත් කාවින්ද
හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button