දේශීය

කුරුළු සංහාරයට දුම්රිය දෙපාර්තමේන්තුව තිත තබයි

පක්ෂීන්ගේ කැඳලි සහ වාසස්ථාන සහිත දුම්රිය රක්ෂිතයන්හි පිහිටි ගස් කපා ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අදාල බලප්‍රදේශයේ වන ජීවි අධ්‍යක්ෂකවරයා දැනුවත් කරන ලෙස සියළුම ඉංජිනේරු වරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) ගෙන් ඉල්ලා තිබේ.

ඒ පොතුහැර දම්බොක්ක ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අද්දර සුවිසල් බෝ රුකක් කපා දැමීමෙන් පක්ෂීන්, පක්ෂි කැඳලි සහ පක්ෂි බිත්තර විශාල සංඛ්‍යාවක් විනාශ වීම මුල් කර ගනිමිනි. මෙම සිදුවීමත් සමඟ සත්ව අවිහිංසාවාදීන් සහ පරිසර ලෝලීන් වෙතින් දැවැන්ත වීරෝධතාවයක් පළ වූ අතර වනජීවි සංරක්ෂණ නිලධාරීන් එහි පැමිණ තුවාල ලත් පක්ෂීන් පශු වෛද්‍යවරුන් වෙත යොමු කොට තිබේ.

කෙසේ හෝ මෙවනි පක්ෂි සංහාර සම්බන්ධයෙන් වනසත්ව හා වෘක්ෂලතා පනත යටතේ ඊට සම්බන්ධ වූවන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button