සමාජ

සාමයේ පණිවුඩය රැගෙන දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට කිලෝමීටර් 581ක් රෝද පුටුවෙන්

සාමයේ පණිවුඩය රැගෙන රෝද පුටුවෙන් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 581ක් ගිය ආබාධිත සෙබළ ගැමුණු කරුණාරත්න මහතා පිළිගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් හා ගජබා රෙජිමේන්තු අධිපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

බැහැයි කියා කිසිවක් නොමැති බව ආබාධිත රණවිරුන්වන් විසින් විවිධ හේතූන් මත ආබාධිතව දිවි ගෙවන පුද්ගලයන්ට මෙන්ම අනෙකුත් රට වාසීන්ටත් පූර්වාදර්ශයක් ලබාදී ඇතැයි ගජබා රෙජිමේන්තු අධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් දක්වමින් පැවැසීය.

පසුගිය දශක තුනක කාලයකට ආසන්න රටේ පැවැති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක වූ රෙජිමේන්තු අතරින් ප්‍රබලවම දායකත්වය සැපයූ අප ගජබා රෙජිමේන්තුවට අද දිනයේ එම රෙජිමේන්තුවේ 17,000කට ආසන්නව සේවයේ නියුතු සෙබළුන් නියෝජනය කරමින් මෙම ස්ථානයට පැමිණ සිටින්නේ සුවිශේෂ වූ කරුණක් සඳහායි.

වසර තිහකට ආසන්න කාලයක් රටේ පැවැති කුරිරු යුද්ධය නිම කරන්නට වැඩිම ජීවිත දානයක් දුන් රෙජිමේන්තුව ගජබා රෙජිමේන්තුව බවත් වැඩිම කාය දාන දුන් රෙජිමේන්තුව ගජබා රෙජිමේන්තුව බවත් මම මේ අවස්ථාවේ අභිමානයෙන් යුක්තව සඳහන් කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button