දේශපාලන

පොලිස් ලොක්කන්ගේ ජඩ වැඩක් ගැන නිවුස් වෙබ් හෙළිකරයි

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කණ්ඩායමක් අද (14) උදෑසන අරලියගහ මන්දිරයට ගොස් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇතැයි ලංකා නිවුස් වෙබ් වාර්තා කරයි.

එම වාර්තාව සම්පුර්ණයෙන් පහතින්,

පොලිස්පති පූජිත ජයසුන්දර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු කිහිප දෙනෙක් එම හමුවට එක් වී ඇති බව සඳහන්.

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුවද මධ්‍යම රාත්‍රියේම මෙම පොලිස් නිලධාරීන් කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබුණි. නීතිය හා සාමය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට සුදානම් බව ඔවුන් එහිදී මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබුණි.

ඊයේ සන්ධ්‍යාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව පැවති දේශපාලන තත්ත්වය මත යළි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමේ සුදානමක් පවතින බවට පුවත් පළ කෙරුණ අතර අද උදෑසන වන විට ඒ සම්බන්ධයෙන් යම් තහවුරුවක් ලැබී ඇති හෙයින් මේ පොලිස් කණ්ඩායම වික්‍රමසිංහ මහතා හමුවවී සිය පාක්ෂිකභාවය පෙන්නුම් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ අනුව දැන් මේ නිලධාරී කණ්ඩායමේ ඇඳුම් යළි මාරු වී ඇති බව ඔවුහු උපහාසයෙන් යුතුව පවසයි.

කෙසේවෙතත් මෙවැනි නිලධාරීන් ස්වාධීන පොලිස් සේවයකට දැඩි බාධාවක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එමෙන්ම මෙම පොලිස් නිලධාරීන්ව පෞද්ගලික මට්ටමෙන් මුණගැසීමට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button