සමාජ

පොත් ලිස්ට් එකේ කතාව

මීට වසර දෙකකට එපිටදී අනුරාධපුර උසස්පෙළ සිසුන් සඳහා පැවැත්වූ ‘”පන්තියෙන් පන්තියට”‘ වැඩසටහනේදී ඇස් දෙකම අන්ධ දැරියක් එම වැඩසටහනට පැමිනි සිසු සිසුවියන් දහසක් මැද්දෙන් පැමින වේදිකාව මතට නැග “‘මගේ දෙනෙත් නොපෙනුනත් අද මට පේන්න පටන්ගත්තා”‘ කීවාය. එදින මුළු පන්තියම නිශ්ෂබ්දව ඇයගේ කතාව අසා සිටියේය. මා මිත්‍ර සුගත් නයනානන්ද ගුරුතුමාගේ සිසුවියක් වූ ඇය ඒ සාමාර්ථ තුනක් ලබාගනිමින් 2016 වසරේ උසස්පෙළ කලා අංශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් විය. අද ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියකි. “‘ගයනි බුද්ධිකා දිසානායක”‘ නම්වූ ඇය ඊයේ පෙරේදා දිනයක මාවෙත කෙටි පණිවුඩයක් එවා තිබුණි.

”සර් උදව්වක් කරන්න පුළුවන්ද”

මේ මගේ ගමේ ඉස්කෝලෙ මල්ලි කෙනෙක් එයාගෙ පොත් ලිස්ට් එක අරගන්න උදව්වක් කරන්න පුළුවන්ද”

ඇය අත් අකුරෙන් ලියූ පොත් ලිස්ට් එකක් මට මට ලැබෙන්නට සැලැස්සුවාය.

අනුරාධපුර පහලොස්ගොල්ලෑව විදුහලේ 3 වසරේ සිසුවෙකුගේ පොත් ලයිස්තුව තුළ ඇති ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට මා පෙළඹවූයේ ගයනීය.

”මට ඒ වගේ තවත් ළමයි 5 දෙනෙකුගෙ පොත් ලයිස්තු එවන්න,”

ඇය මා කී ආකාරයටම ලමුන් පස් දෙනෙකුගේ නම් සමග ලිපිනයන් මා වෙත එවා තිබුනි. ඒ සමගම එම විදුහලේ විදුහල් පතිතුමාගේ දුරකතන අංකයද මාවෙත එවා තිබුණි (ආරියරත්න 0788399816)

ඇස් දෙකම නොපෙනෙන ගයානිගේ තාත්තාගේ ද ඇස් දෙකම නොපෙනුනත් අපිට නොපෙනෙන බොහෝ දේ ඇයට පෙනෙන්නේ කොහොමද.එම පාසලේ සිසුන් 5 දෙනෙක්ට අමතරව ඒ පුංචි පාසලේ පුංචි උන් හැමෝගෙම සිත් සතුටු කරන්න පුලුවන්නම්.

එපමණක් නොව මේ ඉල්ලීම කරපු ගයානිටත් අපිට උදවු කරන්න පුලුවන්නම් එය මොනතරම් ආදරණීය සිතුවිල්ලක්ද…. තීරණයක් ගැනීමට ඔබට භාරකරමි.


සංජක ප්‍රසාද් දොලේවත්ත

Facebook – Sanjaka Prasad Dolewaththa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button