දේශීය

දුරකතන පිළිබඳ පැමිණිලි සඳහා සෑදු නව පොලිස් වෙබ් අඩවිය ආරම්භයේදීම අකර්මන්‍ය වෙලා

අස්ථානගත වු හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.

www.ineed.police.lk නම් වෙබ් අඩවියයි. නමුත් එම වෙබ් අඩවිය මේ වනවිට අකර්මන්‍යව පවතිනවා. අලුතෙන් නිර්මාණය කළ නමුත් ආරම්භයේදීම මෙසේ අක්‍රීය වීම සහ අක්‍රියව තිබියදී ඒ ගැන ප්‍රචාරණය කිරීම ගැටළුවක්.

කෙසේ නමුත් පුවත් වල වාර්තා වෙන පරිදි එම වෙබ් අඩවිය හරහා නැතිවූ හෝ හොරකම් කරන දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදිඑම වෙබ් අඩවිය නිර්මාණය කර ඇතිබවත් පුවත් වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button