දේශීය

ඉදිරි මැතිවරණ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට

- මැ. කො. මහින්ද දේශප්‍රිය

දිරි ජන්ද වලදී ජන්දයට විද්‍යුත් ක්‍රමය හදුන්වාදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියා.

ඔහු ඒ බව ඔහු පැවසුවේ පසුගිය ජුනි 01 වනදාට යෙදි තිබූ “ඡන්ද හිමියන්ගේ දිනය” වෙනුවෙන් පැවති පාසල් දු දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් බෙදාදිමේ වැඩසටහනට සහභාගි වෙමින්.

එම සහතිකපත් බෙදාදීමේ වැඩසටහන අද (29) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.

මෙම අවස්ථාව සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු දිස්ත්‍රික් මැතිවරණ නිලධාරින් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සහභාගී වී සිටියා.

මෙයට සමගාමීව පාසල් දූ දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්ද කාර්යාලීය පරිශ්‍රයේ දී පැවැත්වුනා.


ෆර්හාන් නිසාම්දින් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button