දේශීය

‘ආවා’ කල්ලිය මඬින්න අලුත් මෙහෙයුමක්

උතුරු පළාතේ ක්‍රියාත්මක වන ‘ආවා’ කල්ලිය මැඬලීමේ මෙහෙයුමක් නව ආණ්ඩුව විසින් අරඹා තිබේ. මේ අනුව ‘ආවා’ කල්ලිය පිළිබඳ විමර්ශනය කර එහි සාමාජිකයන් වහාම නීතියේ රැහැනට කොටු කර ගන්නා ලෙසට ආරක්ෂක අංශයන්ට උපදෙස් ලැබී ඇති බව කියවේ. මෙම ගැටලුව ඉක්මනින්ම අවසන් කර ජනතාවට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු කරගෙන යාමට ඉඩ සැලසීම එහි අරමුණයි.

එහි ප්‍රතිඵලයක් ලෙස යාපනයේ ක්‍රියාත්මක වූ ‘ආවා ගෲප්’ කල්ලිය වව්නියාවේ ද ක්‍රියාත්මක බවට වව්නියාව පුරා පෝස්ටර් ප්‍රචාරණයක් සිදු කළ පුද්ගලයෙකු පොලිසිය විසින් පසුගිය දිනක අත්අඩංගුවට ගැනිණි. වව්නියාවේ දුම්රිය ස්ථානය, කුරුමන්කාඩු හන්දිය, වෛරවපුලියන්කුලම යන ස්ථාන ඇතුළු තවත් පළාත් කිහිපයක මෙම පෝස්ටර් තිබූ බවද පොලිසිය පවසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය කළ විමර්ශනයකට අනුව එම පෝස්ටර් ඇලවීමේ සිද්ධියට වව්නියාව දිස්ත්‍රික් ‘ආවා’ කල්ලි නායකයෙකු වන ‘බාබු’ නම් අන්වර්ත නාමයකින් හඳුන්වන පුද්ගලයෙකු සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


ඉසුරු සුධාරක දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button