සමාජ

පත්තර සමඟ පිළිකා කාරක අවධානමක්

ඔබ නොදන්නවා වුනාට පත්තර කියන්නේ අපගේ සෞඛ්‍යට බොහොම අවදානම් දෙයක්. මේ ලිපිය ඒ ගැන….

කොයි තරම් අන්තර්ජාල මාධ්‍ය තිබුනත් අපි බහුතරයක් තාමත් පත්තර කියවනවා. පත්තර කියෙව්වේ නැතිවුනත් අපි එදිනෙදා බොහෝ කටයුතු වලට පත්තර භාවිතා කරනවා. නමුත් ඔබ නොදන්නවා වුනාට පත්තර කියන්නේ අපගේ සෞඛ්‍යට බොහොම අවදානම් දෙයක්. මේ ලිපිය ඒ ගැන….

පත්තර වගේම මේ මාතෘකාව photo copy (ඡායා පිටපත්) සහ සියලුම මුද්‍රණ කටයුතු වලට අදාළ මාතෘකාවක්. මොකද පත්තර මුද්‍රණය කරන තීන්ත වර්ග, photo copy ටෝනර් සහ අනෙකුත් මුද්‍රණ තීන්ත වර්ග සියල්ලකම ඉතාම විෂ සහිත පිළිකා කාරක අඩංගු සංයෝගයන් අඩංගු වෙනවා.

මේවායේ අඩංගුවන විවිධ කාබනික සංයෝග ශරීර ගතවීම නිසා ආහාර මාර්ගයේ පිළිකා තත්වයන් සහ විවිධ ආසාත්මිකතාවයන්ද, ස්පර්ශය නිසා සමේ පිළිකා, කැසීම් ද, ඇසේ ස්පර්ශවීම් නිසා අක්ෂි ආබාධ මෙන්ම ආශ්වාස වාතය සමඟ ස්වසන මාර්ගයට ඇතුලත් වූ විට පෙනහළුවල දරුණු ආභාද, හිසරදය, උගුරේ ආබාධ, ඔක්කාරය, කැස්සද එය දීර්ඝ කාලීනව සිදුවීම නිසා ස්වසන මාර්ගයේ පිළිකා තත්වයන්ද ඇතිවෙන්න පුළුවන්. මේ තත්වයන් විදෙස් රටවල්වල බොහෝ පර්යේෂණයන් මගින් සොයාගෙන තහවුරු කරගත් දේවල්.

මේ අවධානම වලක්වා ගන්න නම් ඔබ මේ දේවල් සිදු කල යුතුම වෙනවා.

පුවත්පත් වල ආහාර එතීම, පුවත්පත් හෝ මුද්‍රණය කල කඩදාසි කවර භාවිතයෙන් ඈත් කරන්න වගබලා ගන්න. ඔබ කඩයකින් ආහාර හෝ වෙනයම් භාණ්ඩයක් මිලදී ගන්නා විට එය බහා දෙන මුද්‍රණ කඩදාසි කවර ප්‍රතික්ෂේප කරන්න මැලි වෙන්න එපා. පුළුවන් නම් කඩයෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවා බහාලීම සඳහා රෙදි කවරයක් සකසා ගන්න. ආහාර වැනි දෑ දැමීම සඳහා මුද්‍රණය නොකළ කඩදාසි පාවිච්චි කරන්න.

ආහාර නිෂ්පාදනය කරන අවස්ථා වලදී, ආහාර තැබීම සඳහා මුද්‍රණය කල කඩදාසි භාවිතා කිරීම නොකළ යුතු දෙයක්. බේකරි නිෂ්පාදන සඳහා කඩදාසි අවශ්‍ය වන විට ඒ සඳහා නියමිත කඩදාසි පමණක් භාවිතා කරන්න. (උදාහරණ – කේක්, ස්පන්චි වැනි ආහාර)

පුවත්පත්, මුද්‍රණ කඩදාසි ඇල්ලීමෙන් පසු සබන් හෝ අත් සෝදන ද්‍රාවනයකින් හොඳින් අත් සෝදා පිරිසිඳු වී සිටින්න. ආහාර ගැනීමේදී එය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

නිතරම මුද්‍රණ කඩදාසි, මුද්‍රණ තීන්ත සමේ ස්පර්ශ නොවීමට වගබලා ගන්න.

රැකියාව ලෙස මුද්‍රණ කටයුතු කරන්නෙක් නම් නිතරම ශරීරය පිරිසිඳුව තබා ගැනීමටද, විශාල මුද්‍රණ යන්ත්‍ර සමඟ වැඩ කරන අවස්ථා වල මුඛය සහ නාසය ආවරණය කරගැනීමටද සැලකිලිමත් වෙන්න.

මුද්‍රණයෙන් පසු මුද්‍රණ උපාංග, කාට්රිජ් සහ කඩදාසි ඉවත දැමීමේදී ඒවා නියමිත අයුරින් බැහැර කිරීමට සැලකිලිමත් වෙන්න අමතක කරන්නත් එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button