දේශීය

රාජ්‍ය මාධ්‍ය ආයතන වල සභාපතිවරුන් ජනපති විසින් මාරු කරයි

දේශපාලන උඩු යටිකුරු වීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන් වලට වැඩබලන සභාපතිවරුන් පත්කර තිබෙනවා.

ඒ ඒ අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩබලන නව සභාපති ලෙස පත්කර ඇත්තේ, නීතීඥ සරත් කෝන්ගහගේ මහතායි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩ බලන නව සභාපති ලෙස නීතීඥ සරත් කෝන්ගහගේ මහතාත්, ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩ බලන නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක මහතාවත් පත්කර තිබෙනවා.

මීට අමතරව, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව වැඩබලන සභාපති ලෙස පත්කර ඇත්තේ වසන්ත ප්‍රිය රාමනායක මහතායි.

මේ අවස්ථාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුව, සංස්ථා ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලයන්ට සාමකාමීව හා සුහදශීලී භාවයෙන් යුතුව තම රාජකාරී ඉටු කර, රාජ්‍ය සේවකයන් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් සිය වගකීම ඉටු කරන මෙන් රජය ඉල්ලා සිටී.

යම් ආකාරය විනය විරෝධී හැසිරීමක හෝ කඩාකප්පල්කාරී කටයුත්තක නිරත වන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button