දේශපාලන

ඊයේ රෑ රූපවාහිනියේ නිව්ස් රූම් එකට ගිහින් ජාතිය අමතන්න හැදූ රාජිතටයි, මංගලටයි, චතුරටයි වුන වැඩේ

ඊයේ හැන්දෑව කවුරුත් නොසිතූ හැන්දෑවක් විය. දේශපාලපාලනයේ රත් වූ පුවත් වලින් සෑම අහු මුල්ලක්ම පිරී යද්දී සතරකන් මන්තර මෙන්ම තුන්කන් මන්තරද තැන් තැන් වල ක්‍රියාත්මක වෙන්නට විය. රටක ආණ්ඩු බලය ඇල්ලීමේදී රාජ්‍ය මාද්‍යට ඇත්තේ සුවිශේ බලයකි.එම බලය සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක වූ මහ මොළකරුවන් දෙදෙනෙක් විය. ඒ මංගල සමරවීර ඇමතිවරයා සහ රාජිත සේනාරත්න ඇමති වරයාය.ඊට අමතරව චතුර සේනාරත්න මන්ත්‍රී වරයාද එහි විය. ආරංචි අනුව පොලිස්පති පූජිත ජයසුන්දරද සිට ඇත.තුන්දෙනාගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට රාත්‍රී 9.30 පසු වෙන්නට විය.ඔවුන්ගේ සැලසුම ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘති මැදිරියට ගොස් ජාතිය ඇමතීමය. සැලසුම ක්‍රියාත්මක විය ඔවුහු රූපවාහිනියේ ලොබි එක පසුකර ප්‍රධාන ප්‍රවෘති මැදිරියට ඇතුල් වීමට ආසන්න වෙද්දී රූපවාහිනියේ රාත්‍රී වැඩමුරයට සූදානම්ව සිටි සේවකයින් කලබල විය.

මේ මොහොතේ කුමක් කළ යුතුද,ඔවුන්ට තිබුනේ විකල්ප දෙකකි.එකක් ඔවුන්ට ජාතිය ඇමතීමට අවස්තාව දීමය.අනික ජාතික රූපවාහිනියේ විකාශනය අත් හිටුවීමය. දැවැනි තීරනය ගැනීමට නම් එය කළහැක්කේ රූපවාහිනියේ එකම එක නිළදාරියෙකුට පමිණි.ඒ ඩියුටි ඔෆිසර් (do) ය. ඊයේ රාත්‍රියේ ඔහු සේවයේ සිටියේ අහම්බයක් ලෙසය. ඒ සුමේධ ය .ඔහුගේ සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට එම තීරණය ගත්තේය. ඒ විකාශය අත් හිටුවීමටය. ඇමතිවරු බලහත්කාරයෙන් මෙන් ජාතිය ඇමතීමට උත්සාහ දැරුවාට එය වියර්ත විය. මේ මොහොතේ මහින්දගේ පාර්ශවයේ අයට මේ ආරංචිය සැලවී තිබුණි. විශේෂයෙන් පියල් නිෂාන්ත මන්ත්‍රී වරයා ගේ මැදිහත් වීමෙන් ඔවුන්ගේ පිරිසක් රූපවාහිනියට ආවේ එක පිම්මේය. විරෝධතාවය ඇති වූයේ එසේය.හිතුවාටත් වඩා එය ප්‍රබල විය. එය වඩාත් වැඩි වූයේ චතුර සේනාරත්නටය. කුණුහරුප වර්ෂාවක් මැද චතුර එලියට රැගෙන යද්දී. stf ආරක්ෂාව මැද මංගල සමරවීර සහ රාජිත සේනාරත්න පිටවයන්නට විය.


සන්ජක ප්‍රසාද් දොලේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button