විශේෂාංග

සිංගප්පූරුවෙත් මැලේසියාවෙත් නැති කොට්ටාවේ ට්‍රාන්ස්පෝට් හබ් එක

හෝමාගමට නිධානයක්

සිංගප්පූරුවට, මැලේසියාවට නොදෙවෙනි ලංකාවේ ප්‍රථම වරට ඉදිකෙරෙන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

“හෙලෝ කස්සා”
උඹ කොහෙද
ආ මචං දැං Train එක මාකුඹුර Station එකට ආවා.
උඹ කොහොමද එන්නෙ?
එල එල කස්සා…… අයියගෙ Vehicle එකේ ආවේ. මාත් දැං මාකුඹුර Hub එකේ Parking දාන ගමන් උඹ ඔහොම්මම උඩට වරෙං Refreshment Stall එක ළඟට. මොනවහරි කාලා යමු. කස්සා Bus Schedule එක බැලුවද? ම්….. ම්… ම්… මචං Screening වෙන්නේ 9.30.
නියමං මචං 10.30 වෙද්දි අපි ගාල්ලේ. එල එල…”

බැලූ බැල්මට මේ මොකක්ද කියා ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් අනාවැකියක් කියන්නම්, මේ තව අවුරුද්දකින්, නැත්නම් ඊටත් අඩු කාලයකින් පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදු වන සාමාන්‍ය කතාබහක්.
මේ අපේ රටේ?

ඔව්.. මේ අපේ රටේ තමයි.. අපේ රටේ කිව්වේ. සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම කියන අදහසින්.
මේ ලිපිය කියවන ඔබ අතර විදේශ සංචාරවල යන එන, විදේශයන්වල රැකියාව කර පැමිණි, රැකියා කරමින් සිටින අය ඇති. නැත්නම් අඩුම තරමේ විදෙස් චිත්‍රපට, වාර්තා නිර්මාණ හෝ දැක බලා ඇති. ඒ අතර ඔබට මේ කලින් සඳහන් කළා වගේ දෙබස් කාණ්ඩ සහිත සිදුවීම්, දර්ශන මතක ඇති. ඒ අතර ඔබ ද සිටින්නට ඇති. තවත් සරලව කිව්වොත් එක පුද්ගලයෙකුට හරි පුද්ගලයන් රාශියකට හරි ඔවුන්ගේ අවශ්‍යතා අනුව, විවිධ සේවා සපයන සේවා මධ්‍යස්ථානයක් ගැනයි මේ කතාබහ කරන්නේ.

මේරට කියන්නේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කියලයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එලෙස එවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ මේ වනවිට ඉතා සාර්ථකව ඉදිවෙමින් පවතිනවා.

2018 වර්ෂයේ මුල් භාගයේදී එහි වැඩ කටයුතු අවසන් කරන්නටත් නියමිතයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන නගර සංවර්ධන උපාංගය, මහකොළඹ ප්‍රවාහන ජාල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (3 K ව්‍යාපෘතිය) යටතේ තමයි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවෙන්නේ. රජයෙන් වගේම JICA මූල්‍යාධාර යටතේ ඉදිකිරීම් කටයුතු සිදුවෙනවා. මෙම ව්‍යාපෘතියෙන් තාක්ෂණය සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම හා තාක්ෂණය තමයි යොදාගන්නේ.

ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කියන අදහස සරලව මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්.
සියලුම මාදිලිවල ප්‍රවාහන කටයුතු එක තැනක, එක වහලක් යටදී ලබාගැනීමේ හැකියාව තවත් පැහැදිලි වෙන්න උදාහරණයක් කියන්නම්.

අපි හිතමු ගාල්ලට යනව නම් මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් තමන්ගේ වාහනය නතර කරල තියලා එතැනින් පොදු ප්‍රවාහන සේවයක් අරගෙන ඔබට ගාල්ලට Travel කරන්න පුළුවන්. ඒ විදිහට ආපහු ගාල්ලෙ ඉඳලා නැවත ඇවිල්ලා තමන්ගේ වාහනය Hub එකෙන් අරගෙන ගෙදර යන්න පුළුවන්.
බස් රථ විතරක්ම නෙවෙයි, මේ ඩ්භඡ එකට සම්බන්ධ වෙන්නේ කැලණිවැලි දුම්රිය මාර්ගය, මාලපල්ල දුම්රිය නැවතුමත් නුදුරු දිනයකදී මාකුඹුර ඩ්භඡ එකට එකතු වෙනවා.

ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් බස් රථ සහ කෝච්චි එකම වහලක් යටදී මිනිස්සුන්ට සේවාවන් ලබාදෙනවා.

කෝච්චියෙන් ඇවවිල්ලා බස් එකට මාරු වෙනවා, බස් එකෙන් කෝච්චියට මාරු වෙනවා. ඒ වගේම මීට සමගාමීව, තවත් ඉදිරි පියවරක් විදිහට අනාගතයේදී සැහැල්ලු දුම්රිය පද්ධතියක් (Light Railway System(LRT) ද මේ Hub එකට අන්තර්ගත වෙනවා.

එතකොට තව ටික දවසකින් හෝමාගම බස්, මහරගම Highway Express බස්, කොට්ටාව බස්, ඔක්කොම නවත්වන්නේ මෙතැන.

මේ ක්‍රියාදාමය ඇතුළේ විශාල පිරිසක් එකතු වෙනවා. මේක ඇත්තටම මහා විප්ලවයක්.
ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව, ප්‍රවාහන අමාත්‍යංශය, ලංකා ගමනාගමන මණ්ඩලය, බස්නාහිර පළාත් මාර්ගස්ථ හා මගී ප්‍රවාහන අධිකාරිය මේ ක්‍රියාදාමය ඇතුළේ එකට එකතු වෙනවා.
මේ හරහා ප්‍රජාවට වරප්‍රසාද රැසක් ලබාගන්න අවස්ථාව තියෙනවා.

ප්‍රවාහන පද්ධතියක දියුණුව කියන්නේ, ඒ අවට තියෙන නගර සංවර්ධනයට ඉතාම බලපාන සාධකයක්. මේ ඔස්සේ ප්‍රජාවට ඉතා දියුණු පහසුකම් භුක්ති විඳින්න පසුබිම සැකසෙනවා.

තවත් කාරණයක් තමයි, අධික වාහන තදබදය නිසා වන ගමනාගමන අවහිරතා සඳහා මේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කියන්නේ ඉතාම කලෝචිත පිළිතුරක්. විශේෂයෙන් 138 වැනි ඉතාම මාර්ග තදබදයක් සහිත මාර්ගයක පුද්ගලික වාහන ධාවනය (Private Vehicles) අවම කිරීමටත්, එමඟින් පොදු ප්‍රවාහන සේවය (Public Transport) වැඩිදියුණු කිරීමක් තුළ ජනතාවට ශ්‍රී Quality Transport එනම් ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලබාගැනීමට අවකාශය සැලකෙනවා.

මේ ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 845ක්, නමුත් මේ තුළින් අනාගතයේදී සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන්නේ මිල කළ නොහැකි තරම් වටිනාකම් රාශියක්.

විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණයක් තමයි, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමේදී එහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍යකරන විදුලිබල උත්පාදනය එම ඉදිකිරීම තුළම ස්ථානය වන SOLAR පද්ධතියත් මඟින් ජනනය වීමට සැලැස්වීම.

තවත් කාරණයක් මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු වනවා. ඒ මෙබඳු නිර්මාණ රටට දායක වන අවස්ථාවකදී, ශ්‍රී ලාංකිකයන් වන අපටත් ඒ පිළිබඳව යුතුකමක් තිබෙන බව.

සිංගප්පූරුවෙ ගිහින් කොළයක් බිම දාන්ඩ බය අපේ මිනිහා, කටුනායකින් බැහැලා ඒක බිමදාගෙන ගෙදර යන්නේ ඇයි?

අන්න එතැන හදන යුතුකම තමයි මම, ඔබ, අපි සතුවිය යුත්තේ.

මෙවැනි දැවැන්ත නිර්මාණ පරාක්‍රමබාහු, කාශ්‍යප, ගැමුණු යුගයෙන් පස්සේ ආපහු වතාවක් රටට දායාද වෙන අවස්ථාවක් දැන් අපිට උදාවෙලා.

කෙනෙක්ට නිදහසට කාරණයක් විදිහට කියන්න පුළුවන්. සිංගප්පූරු, මැලේසියා ගියාම බලන්න එපායැ, හිතාගන්න බෑ. අපි අන්දමන්ද වෙනවා. ඒව දැක්කම කොළයක් තියා දූවිලි තියාගෙන අඩිය තියන්නත් ලෝබ හිතෙනවා කියලා.

හොඳයි, තව ටික දවසකින් එහෙම අන්දමන්ද වෙන විශ්වකර්ම වැඩක් තමයි, මේ දූපතටත් දායාද වෙන්නේ. හැබැයි රජෝ එදාටත් ඔය කොළේ එතැන බිම වැටුණොත්, බුලත් හපේ විසි කළොත් නම් අපි උඹලා කියන්නේ අනාගතයක් බලෙන් හදලා අරන් ගිහිං වක්කරලා පොවලවත් ඉස්සරහට අරගෙන යන්න බැරි ජාතියක් කියලා ඔප්පු වෙනවා.

තාක්ෂණය, විද්‍යාව දියුණුවෙද්දී, ඒවායින් ප්‍රතිඵල ලබන ගමන් සංවර්ධනයේ පරිපූර්ණත්වයක් ළඟා කරගන්න නම් අපි හැමෝගෙම එතැනට සුදුසු වන ආකල්පමය වෙනස විය යුතුයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හෙට දවසේ ඔබට රටට තිළිණ වන්නට සූදානමින්.
ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර දිසානායක මහතාගේ වචනවලින්ම කිව්වොත්.

“දවසක නගරේ ප්‍රැටි්‍රක්ටත් ගමේ පිංහාමිටත් එකට ගමන් කරන්න පුළුවන්න මාවතක් විවර වෙනවා.”
ඒ වෙනුවෙන් උරදුන්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රමුඛ සියලුම කාර්යය මණ්ඩල නිලධාරීන් අප මේ මොහොතේ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමතියි.
සටහන අවසාන කරන්නේ මහගම සේකර කිවිඳුන්ගේ කවියකින්.

“දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇති මව් දෙරණේ
සත් රුවනින් නව නිදහන් මතු වී
පුතුගේ සිනාවෙනි ඔබ වැටුණේ
දෑසේ කඳුළැලි පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ”


ඉසුරු සුධාරක දිසානායක
ඡායාරූප : තුෂාර සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button