දේශීය

තරුණ සේවා සභාවේත් අවසානය ළගා වෙමින් තිබේ

VTA ගේම - සභාපති සමගම යූත් ඒකට

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය තුළ ඔහුට සවියක් වූ ”වියත් මඟ” සංවිධානයේ චරිත දේශපාලන පිටියේ තීන්දු තීරණ ගන්නා තැන්වලටත් රජයේ ආයතන පරිපාලනයටත් පත්විය.නමුත් වියත් මඟ තරම් මේ ආණ්ඩුව ප්‍රපාතයට තල්ලු කළ වෙනත් පිරිසක් නැති තරම් ය. වියත්මග නමට මුවු වී දහදුරා වැඩ රැසක් කරමින් ආණ්ඩුව ප්‍රපාතයට තල්ලු කරන පිරිසක් මෙහි සිටින අතර මේ කතාව ඒවැනි තක්කඩි පන්නයේ කුප්‍රකට වියත්මග චරිතයක් ගැනය.

හේ ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති දමිත වික්‍රමසිංහය. ශ්‍රී ලංක‍ාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා පිහිටුවා ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන ජාතික තරුණ සේවා සභාව පිහිටුවා මේ වසරට වසර 50ක් සම්පූර්ණ වේ. එවැනි ආයතනයක ඒදා මෙදාතුර බිහිවූ අසාර්ථකම සභාපතිවරු කිහිපදෙනා අතර වත්මන් සභාපතිවරයා සිටී. ඈත ඉතිහාසයේ අයගෙන් පාඩම් ඉගෙන ගන්නවා තබා මෑතක තරුණ සේවා සභාවට බිහිවූ භාෂ්වර සේනාංක,ලිලිත් පියුම,එරන්ද වැලිඅංග වැනි සභාපතිවරුන්ගෙන් වත්මන් සභාපතිට ගතහැකි පාඩම් බොහෝය.එහෙත් සියල්ල දත් යැයි කියා පුරසාරම් කියවන මේ සභාපතිවරයා පාඩම් ඉගෙන ගන්නෙක් නොවේ.

VTA ගේම යූත් එකටත්.

මේවනවිට තරුණ සේවා සභාව මුදලාලිකඑරණය වී තිබේ.තරුණසේවා සභාවේ මුල අගවත් නොදන්නා මේ පුද්ගලයා දැන් සූදාවම් වන්නේ තරුණසේවා සමාගම හරහා විදේශ රැකියා ඒ්ජන්සියක් දැමීමටය. මීට පෙර ඔහු මෙවැනිම ඇන්දිල්ලක් වීටී ඒ ඒකේදී කළේය.ඒ් ජපන් සහ ද.කොරියා රැකියා මගඩියකි.

 ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා වෘත්තීය පුහුණුව ලත් අය සූදානම් කිරීමේ බවත්එහි මුල් අදියර  ලෙස ජනපනයේ සෞඛ්‍ය අංශයේ රැකියා 50000ක් ඉලක්ක කරගනිමින් නියාගම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී එම අධ්‍යන කටයුතු නිල වශයෙන් ආරම්භ වූ බවත් එකල මොහු මාධ්‍යයට පවසා තිබුණි. එහෙත් මෙම වැඩසටහනද පුස් වෙඩිල්ලකි. වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පවසා තිබෙන පරිදි මෙම ජපාන රැකියා අවස්ථා ලබා ගැනීමේ කතාව අසත්‍යයක් වන අතර තවමත් ඒ සඳහා කිසිදු ශිෂ්‍යයෙක් ලියාපදිංචි කර නොමැත. එමෙන්ම කොරියානු රැකියා ලබා ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හරහා ලබා දෙන බවට ද මේ සභාපතිවරයා මහ ඉහළින් කියා තිබුණි. එයද අමූලික බොරුවකි. මෙය සම්පූර්ණයෙන්ම තරුණ දරුවන් නොමඟ යැවීමකි.

ඒහෙව් සභාපති දැන් තරුණසේවා සභාවේ ඒ්ජන්සියක් පටන් ගන්නට යයි.

 ගමින් ගමට VTA කියා පුරාජේරුවක් ගසා මොහු අන්තිමට සිසුන්ට අයිතිව තිබූ බස් රථයේ සීට් ගලවා වනසා දැම්මේය. අවම දින තුනක් පමණ එම ගමින් ගමට VTA වැඩසටහන පැවැත්වූ අතර එයට මුදල් වෙන් කර ගැනීම සිදුකර ඇත්තේ ප්‍රධාන කාර්යලයේ වියදම හා දිස්ත්‍රික්  කාර්යාලයේ වියදම යනුවෙන් කොටස් දෙකක් ලෙසය. මෙය තනිකරම ජනපතිගේ ‘ගම සමඟ පිළිසඳර’කොපි කිරීමකි.එම වැඩසටහන සඳහා සතියකට රු. ලක්ෂ 10ත් 13ත් අතර මුදලක් වැය වූ අතර අධිකාරිය සතු මුදල් අනවශ්‍ය ලෙස උපයෝගී කරගැනීමකි.

වත්මන් අගමැතිවරයා කම්කරු ඇමතිව සිටින සමයේ, 1995 වසරේ අගෝස්තු 16 වන දින මෙම අධිකාරිය පිහිටුවා තිබුණේ ජීවිතයට හැකියාවක් හැකියාවට රැකියාවක් යන තේමාවෙනි. නමුත් මේ සභාපතිවරයා ඒකී අරමුණු කාබාසිනියාකොට ඒම ආයතනය සුදු අළියෙක් කළේය.

හිල්ටන් සැප සෙවූ මඟඩිය

වෘත්තීය පුහුණු අධිකාරියේ 25 වැනි සංවත්සරය යෙදී තිබුණේ පසුගිය වසරේ අගෝස්තු 20 වැනි දිනටය. එම සංවත්සරය මහා ඉහළින් සැමරීමට   සභාපතිවරයාට වුවමනා වී තිබුණි. ආයතනික හැකියාවත් අභිබවා යමින් එය හිල්ටන් හෝටලයේ ජයටම සැමරීම සඳහා සභාපතිවරයා සැලසුම් කළද ආයතනයේ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගෙන් එයට විරෝධය එල්ල වී තිබුණේ රු. ලක්ෂ 50කට ආසන්න මුදලක් ඒ සඳහා වෙන් කිරීමට ඇති නොහැකියාව පදනම් කරගෙනය. මහා භාණ්ඩාගාරය විසින් ආයතනයේ වෘත්තීය පුහුණුව ලබන දරුවන්ගේ එම අධ්‍යාපන හා පුහුණු කටයුතු සඳහා මෙන්ම සෙසු සියලුම ප්‍රවර්ධන කටයුතු සඳහා වසරකට වෙන් වන මුදල් මෙලෙස අනවශ්‍ය ලෙස වියදම් කිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධය එල්ල වී තිබේ. එහෙත් ඒ සියල්ලට ඉහළින් සභාපතිවරයා සිටීමත් සංවත්සරය හිල්ටන් හෝටලයේ ජයටම සැමරීමේ දැඩි වුවමනාවකින් සභාපති තැන්පත් දමිත් වික්‍රමසිංහ පෙළීමත් නිසා කෙසේ හෝ ඔහු එම අවශ්‍යතාව ඉටුකර ගෙන තිබුණි. එම උත්සව අවස්ථාවට අගමැතිවරයාද ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණීමට නියමිතව තිබුණද අගමැතිවරයා ද සහභාගී වී නැත. අප වෙත වාර්තා වූ පරිදි එය අගමැතිවරයාද අනුමත කර නැත. එහෙයින් මහින්ද රාජපක්ෂ මහතා එයට සහභාගී වීමෙන් වැළකී සිට ඇත. අන්තිමට දමිත පමණක් හිල්ටන් සැප වින්දේය.

සභාව පුරා බ්‍රෝකර්ලා.

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ද දේශපාලනයට කළඑළි බැස්සේ ”වියත් මඟ” ව්‍යාපරය හරහාය. දමිත වික්‍රමසිංහ සභාපතිවරයාද ”වියත් මඟ” නියෝජනයකි.හැබැයි අරගලයෙන් ජයගත්තේ සීතාය.අන්තිමට දමිතගේ වස්ත්‍ර ගැලවින.ඒහෙන් නෙරපූ සභාපති සිය නවතම තිප්පොල කරගත්තේ තරුණසේවා සභාවය.

තරුණ සේවා සභාව අයිති මෙරට තරුණයින්ට මිස දේශපාලන අපතයින්ට නොවේ.ඒහෙත් දැන් ඒය බිස්නස්කාරයින්ගේ,ඇඩ්වර්ටයිසින්කාරයින්ගේ,ඒ්ජන්සිකාරයින්ගේ,සහ බ්‍රොකර්ලාගේ තිප්පොලකි.

තරුණසේවා සභාව ක්‍රියාත්මක දිනය ලෙස 1969 ජනවාරි 23 ලෙස එදින පළ වූ අංක 14837/6 දරන විශේෂ ගැසට් පත්‍රයේ පළ විය.

ජාතික තරුණ සේවා සභාව විසින් තරුණ ශ්‍රමය ජාතික සංවර්ධන කාර්යයේ යෙදවීම සඳහා ප්‍රථමයෙන්ම ඇරඹූ කාර්ය වූයේ ජාතික සේවා ව්‍යාපාරයයි. 1979 නොවැම්බර් 8 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “ජාතික තරුණ සේවා පනත” යටතේ ජාතික තරුණ සේවා සභාව අධිකාරි බලතල ඇති ආයතනයක් බවට පත් කරන ලදි. 1980 ජනවාරි 1 දින සිට එය ක්‍රියාත්මක විය. දිස්ත්‍රික් කාර්යාල හා පළාත් මට්ටමින් පළාත් කාර්යාල පිහිටුවා සභාවේ කටයුතු විමධ්‍යගත කරන ලද අතර ජාතිකසේවා, මධ්‍යස්ථාන පුහුණු, ක්ෂේත්‍ර පුහුණු, ප්‍රජාසේවා, යෞවන සමාජ, ක්‍රීඩා සමාජ, ක්‍රීඩා, සංස්කෘතික කටයුතු, විශේෂ සංස්කෘතික කණ්ඩායම්, ජාත්‍යන්තර තරුණ හුවමාරු තරුණ මාර්ගෝපදේශ, කෘෂිකර්ම කටයුතු, වෘත්තීය මාර්ගෝපදේශ, යෞවන තිළිණ, වීඩියෝ තාක්ෂණය ඇතුළු නව තාක්ෂණ පුහුණු කටයුතු, කාර්ය මණ්ඩල පුහුණු ආදී විවිධ ක්ෂේත්‍ර යටතේ සේවා ව්‍යාප්ත කරන ලදි. විශේෂයෙන් ඒකල සිදු වූ වැදගත්ම කාර්යයක් වන්නේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානය ඉදි කිරීමයි.

මේ සියල්ලෙහි අයිතිකරුවන් තරුණයින් මිස මුදලාලිලා නොවේ.

කොන්දක් ඇති කොල්ලෙක් කෝ?

වරක් තමන් හමුදාවේ සිටි නිළධාරියෙක් යැයි පවසමින් තමන් සමඟ වැඩ කරනාවානම් මෙහෙම කළ යුතුයැයි කියා නීල් හපුවින්න නම් සභාපතිවරයෙක් පුරසාරම් කීවේය.ගතවුණේ තප්පර කිහිපයකි.හම්බන්තොට ප්‍රදේශයේ තරුණයෙක් නැගිට්ටේය.

‘මහත්තෙයෝ මේක තරුණසේවා සභාව.මේක අයිති අපිට.ඔයාගේ හමුදාවේ කෝට් එක ඇදගෙන ඔයා හමුදාවේ හිටියට කමක් නෑ.හැබැයි මෙතන ඒ්වා බෑ.මේක සිවිල් කොල්ලෝ කෙල්ලන්ගේ තැන.’

ඒ් ඒක්කම මුලු සභාවම නැගිට මිලිටරි සභාපතිට එරෙහිව අරගලය පටන් ගත්හ. අන්තිමට සභාපති සභාවෙන් පිටවිය.ඊට පසුදා තරුණ සේවා සභාවෙන්ම පිට විය.

අන්න ඒහෙම කොන්දක් තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් ඉදිරියට ආවදාට දමිතට වෙන්නේත් ඒ්කය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button