දේශීය

සජිත්ගේ තානාපති හමු ඵල දරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල්වල තානාපතිවරුන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසු, එහි ප්‍රතිඵලයක් ලෙස කඩිනමින් කොරෝනා එන්නත් මාත්‍රා තොග කිහිපයක් ලැබෙන්නට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, ජර්මනියෙන් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් ලබීමට නියමිත අතර ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය ද,ඒක්සත් ජාතීන්ගේ සංවිධානයද ලංකාවට ඒන්නත් ලබා දීම කෙරෙහි සිය විශේෂ අවධානය යොමුකර ඇත.

පසුගිය දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවස්ථා දෙකකදී ජර්මන් තානාපති හමුවී මෙරට එන්නත් අවශ්‍යතාවය පැහැදිලි කළේය.

පසුගිය වසරේ මැයි 10 ජර්මානු තානාපති ජෝන් රූඩර් හමුවූ  සජිත් ප්‍රේමදාස මෙරට තත්ත්වය පිළිබදව සාකච්ඡා කළේය.

පසුව ඉකුත් අප්‍රේල් 27 ජර්මන් තානාපති Mr, Holger Seubert, හමුවූ විපක්ෂ නායකතුමා මෙරටට එන්නත්ත්‍ අත්‍යාවශ්‍යව පවතින බව පැවසීය. “මේ කොරෝනා ව්‍යසනයයෙන් ගොඩ එන්න උදව් කරන්න කියලා ලෝකයෙන් ඉල්ලන්න බෑ,මොකද ලෝකෙම මේ ප්‍රශ්නය එක්ක ඉන්නේ අමාරුවෙන්.ඒත් මේ වෙනකොට ලංකාවේ අවධානම වැඩියි. ඒ නිසා කොරෝනා කලමනාකරණයට අවශ්‍ය සහය දෙන්න” සජිත් ඔහුට කීවේය.

ඒහිදී විපක්ෂ නායකතුමාගේ ඉල්ලීම පිළිබදව ඔහුගේ විෂේශ අවධානය යොමුු කරන බව ර්මන් තානාපතිවරයා සහතික විය.විපක්ෂ නායකතුමා දිගින් දිගටම තානාපතිවරු හමුවීම පිළිබඳව ඇතැමුන් සිය විමතිය පලකළ අතර ආණ්ඩුවේ ඇතැමුන් ඒම ක්‍රියාවලිය දැඩි විවේචනයට ලක් කළේය. යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi,  ප්‍රංශ තානාපති Mr, Eric Lavertu, ඉතාලි තානාපතිනි Ms, Rita giuliana Mannella, ජර්මන් තානාපති Mr, Holger Seubert,රොමේනියානු තානාපති Mr, Victor chiujdea යන රාජතාන්ත්‍රික නිලධාරීන් පෙරවරුවේ හමුවූ සජිත් කැනේඩියානු මහ කොමසාරිස්  Dewid Makinan,ස්විට්සර්ලන්ත තානාපති   Dominik Furgler,නෝර්වේ තානාපති Trine Jornli Eskedal, අමෙරිකා එක්සත් ජනපදය තානාපති Eleina B. Teplits,ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය තානාපති Amanda Jewell යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස එක් දිනක් තුල හමුවූ විපක්ෂ නායකතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සෞඛ්‍ය ආධාර සහ අතිරික්ත එන්නත් ලබා දෙන ලෙසටය.

ඒ් පිළිබදව සාක්ෂි ඔ්නෑ තරම් තිබේ. මේ වනවිටත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යුරෝපා සංගමයේ ප්‍රධානපෙළේ නියෝජිත පිරිසක් හමුව ඇති අතර යුරෝපා සංගමයේ මෙරට හා මාලදිවයිනේ තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජ්‍ය ප්‍රධානී තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ්, යුරෝපා සංගම් සහයෝගිතා අංශ ප්‍රධානී ෆ්රෑන්ක් හෙස් යන විශේෂ නියෝජිතයින් ඊට එක්ව සිටියහ.

කොරියාවේ අපේ පුරවැසියන් වෙනුවෙන් සජිත්ගේ මැදිහත්වීමත් සාර්ථකයි

 ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් විපක්ෂ නායක කාර්‍යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මුණගැසුන අතර විශේෂයෙන්ම කොරෝනා ව්‍යසනය අබියස ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය සහ ශ්‍රීලංකාවට අවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා ගැනීමට සහය ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමා දකුණු කොරියානු තානාපතිවරයාව දැනුවත් කරනු ලැබීය.ඒ පිළිබඳව දකුණු කොරියානු තානාපතිවරයා සිය විශේෂ අවධානය යොමු කළ අතර ලංකාවට අවශ්‍ය සහය නිබදවම ලබා දෙන බවද පැවසීය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් දකුණු කොරියාවේ සේවය කරන අතර ඔවුන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button