ක්‍රීඩා

රුසියාවට වඩා ලොකු වූ සුසන්තිකාගේ ඉරිසියාව

පාරමී දුක කියද්දී සුසන්තිකා එරෙහි වෙයි

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරගත් පාරමී මාරිස්ටෙලා ඇතුළු එම ක්‍රීඩා උළෙලට සහභාගි වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ(21) යළි දිවයිනට පැමිණියාය.

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13ක් සහභාගි වු අතර එහිදි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වීම කාගෙත් අවධානය දිනා ගත් කරුණක් විය.

ඒ අතරින් මුළු ලංකාවේම අවධානය දිනා ගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වුනේ වසර 11කට පසු මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ පදක්කමක් හිමිකර දෙමින්.

පාරමි මේ පවසන්නේ මෙරට ක්‍රීඩා බලධාරීන් ලබා දුන් පොරොන්දු අතරින් කඩ වූ එක් පොරොන්දුවක් පිළිබඳ පමණයි.

පාරමි වසන්තිට හා අරුණ දර්ශනට ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය නිමා වී පැමිණි විගස රාජ්‍ය මැදිහත්වීමෙන් නිවාස දෙකක් ලබා දීමට බලධාරීන් පොරොන්දු වී තිබුණත් එයද මෙතෙක් ඉටු වී නැහැ.

මෙවන් පසුබිමක ආසියානු පදක්කමක් වෙනුවෙන් ලබාදීමට නියමිත දිරි දීමනාව ද, කණිෂ්ඨ ක්‍රීඩකයන්ට ලබාදීම ක්‍රීඩා බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ආසියානු ශූරතාවෙන් ලබා ගන්නා පදක්කම් ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලබා ගන්නා පදක්කම් සමඟින් සැසඳිය නොහැකි බව පවසමින්.

ලබාදුන් පෙරොන්දු ක්‍රීඩා බලධාරීන් මෙලෙස කඩකර තිබියදීත් ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන උපදේශිකාවක් ලෙස කටයුතු කරන හිටපු මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මලල ක්‍රිඩිකාවන්ගේ අවනඩුවට අද ප්‍රතිචාර දැක්විය.

වසර 11 කට පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ පදක්කමක් ගෙන ආ ක්‍රීඩිකාවක් තම ගැටළු ඉදිරිපත් කළ විට ලැබෙන ප්‍රතිචාරය මෙය නම් ඉන් සිදු වන්නේ ඔවුන් අධෛර්යමත් වීම විනා අන් කිසිවක් නොවේ.

යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන්ගේ පිළිවෙත ඉදිරියටත් මෙයම වුවහොත් ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් සිහිනය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඈතට යනු ඇති.


අද දෙරණ ඇසුරින්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button