ක්‍රීඩාදේශපාලනදේශීය

මහේල තිලංග ගෙන් සමාව ඉල්ලයි

තරග පාවා දීමට සම්බන්ධ නැත්නම් ඇයි මේ කලබල වෙලා - තිලංග සුමතිපාල

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ලෝක කුසලාන තරග පාවාදීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොවන බව හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල පසුගියදා මාධ්‍ය හමුවකට සම්බන්ධවෙමින් ප්‍රකාශ කළා.

” තරග පාවා දීමේ සිද්ධියට සම්බන්ධ නැත්නම් ඇයි මේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කලබල වෙලා ට්විටර් සටහන් තබන්නේ. ඇයි ඔවුන් මේ තොප්පිය දාගන්න හදන්නේ” යනුවෙන් ඔහු විමසුවා.

”මට කණගාටුයි. ඊළඟ වතාවේ තොප්පිය පැළදීමට පෙර සහ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔහුගෙන් විමසා බැලීමට අප කටයුතු කරන්නම්. මන්ද ඔහුට ඒ විෂය පිළිබඳ විශාල අත්දැකීම් ඇති නිසා” යනුවෙන් සිය ට්විටර් ගිණුම් සටහනක් තබමින් මහේල ජයවර්ධන විසින් තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රිවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු ලබාදී තිබුණා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close