දේශීය

රූපලාවන්‍යාගාර හා සැලෝන් විවෘත කිරීමට යයි

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි උපදෙස් දී තිබේ.

ඒ COVID-19 හේතුවෙන් රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාළව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්‍රයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නීති පද්ධතිය ඇතුළත් මාර්ගෝපදේශණය සඳහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු එ‍කතු කිරිමත් අරමුණු කොටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (04දා) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකඡ්චාවකදීය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළව නීති සම්පාදනය වෙනත් කිසිදු ආයතනයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම පමණක් සිදු කරන බවයි. එමෙන්ම දෛනිකව සේවා සැපයීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දෙනු ලැබු කොණ්ඩා කැපීම ඇතුළු අත්‍යාවශ්‍යම සේවාවන් පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

නිසි ඉඩ ප්‍රමාණයන් තබාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කරමින් සේවා සැපයීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටින ලදී.

එමෙන්ම ඉදිරියේ දී රුපලාවන්‍යාගාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අදාළව පිළිපැදිය යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශනයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කොට ඇති බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන බව ද දන්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button