ක්‍රීඩා

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවන ලකුණු….

2021 දී පැවැත්වීමට නොහැකි වුවහොත් කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු වන බව ක්‍රීඩා ප්‍රධානී යොෂිරෝ මෝරි පවසයි. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල 2020 ජූලි 23 සිට ලබන වසරේ එනම් 2021 අගෝස්තු 8 දක්වා කල් දැමීමට නියමිතය.

කොවිඩ් -19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා එන්නතක් හෝ ඵලදායී ඖෂධයක් නොමැතිව ලබන ගිම්හානයේදී වුවද ක්‍රීඩා උළෙල පැවැත්විය හැකිද යන්න පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයින් සැක පහළ කර තිබේ.

ඔවුන් ක්‍රීඩා උළෙල 2022 දක්වා ගෙන යා හැකිදැයි ඇසූ විට මෝරි පිළිතුරු දුන්නේ “නොහැක” යනුවෙනි. “එවැනි අවස්ථාවකදී ඔලිම්පික් උළෙල අහෝසි වනු ඇත.” ඔහු කියා සිටියේය.

ජපානයේ වෛද්‍ය සංගමයේ සභාපති යොෂිටකේ යොකොකුරා ද අඟහරුවාදා කියා සිටියේ එන්නත් හෝ ඵලදායී ඖෂධ නිපදවීමකින් තොරව 2021 දී ඔලිම්පික් පැවැත්වීම දුෂ්කර බවයි. “ජපානයේ ඔලිම්පික් උළෙල පැවැත්විය යුතුද නැද්ද යන්න මම නොකියමි, නමුත් එය කිරීමට අපහසු වනු ඇත…” ඔහු පැවසීය. “ජපානයේ ආසාදන පාලනය කර ඇතත්, ලෝකයේ වෙනත් රටවල වසංගතය අවසන් නොවන්නේ නම් ක්‍රීඩා පැවැත්වීම තවදුරටත් දුෂ්කර වනු ඇත….”

බොහෝ විශේෂඥයන් අපේක්ෂා කරන්නේ 2021 මැද භාගය වන විට එන්නතක් නිර්මාණය කර ගත හැකි බවයි. නමුත් බොහෝ දෙනා පවසන්නේ එයද අවිනිශ්චිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button