විශේෂාංග

ලලිත් වීරතුංග, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් නොඇසූ ‘සරල’ ප්‍රශ්න කිහිපයක්

  1. කොරෝනා අරමුදලට වෙන් කළ සහ ලැබුණු මුදල් ප්‍රමාණ සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද ? එම කටයුතු වල වගකීම දරන්නේ කවුද ? ඒ පිළිබද සියලු තොරතුරු ප්‍රසිද්ධ කරන්නේද ?
    රුපියල් 5,000 හෝ එවැනි කිසිදු ආකාරයේ සහනාධාරයක් නොලැබුණු පිරිස් සම්බන්ධයෙන් සහ රජයේ සහනාධාර පක්ෂග්‍රාහීව බෙදීම්වලට එරෙහිව ගන්නා පියවර මොනවාද ?
  2. මෙම සහනාධාර අත්තනෝමතික ලෙස බෙදීමට එරෙහිව උද්ඝෝෂණය කළ ගම්පොල ආශ්‍රිත ජනතාවගේ ප්‍රශ්නය විසදීම වෙනුවට, එය සංවිධානය කළ පිරිස් අත්අඩංගුවට ගැනීම ඔබ අනුමත කරන්නේද ?
  3. වසංගත රෝග පිළිබද ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් පෙන්වා දෙන ආකාරයට, පහසුකම් තිබියදී කොවිඩ්-19 හදුනාගැනීමේ මූලික පරීක්ෂණ ප්‍රමාණය වැඩි නොකරන්නේ ඇයි ?
  4. සෞඛ්‍ය අංශ සේවකයන් වෛරසයෙන් ආරක්ෂා කරගැනීම සදහා ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවාද, ඒවා ක්‍රියාත්මක වන බවට ඔබට සහතික විය හැකිද ?
  5. මේ වනවිට රට පුරා රෝහල් වල ඇති ඖෂධ හිගය පිළිබද ඔබ දැනුවත් ද ? එම හිගයට හේතුව සෞඛ්‍ය ඇමතිවරිය සහ ඖෂධ සංස්ථා සභාපතිවරයා අතර ගැටුමක් බව මාධ්‍ය වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් ඔබ කළ මැදිහත්වීම කුමක්ද ?
  6. ජනාධිපතිවරයාට නීත්‍යානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව ඇදිරිනීතිය ප්‍රකාශයට පත් නොකර, නීතිවිරෝධී ඇදිරිනීතියක් පවත්වාගෙන යන්නේ ඇයි, එමගින් අපේක්ෂා කරන්නේ කුමක්ද ?
  7. සෞඛ්‍ය ඇතුළු විෂය මූලික අංශ වල දත්ත සහ අධ්‍යයන නොසලකමින් ඇදිරිනීතිය ඉවත් කිරීමට තීරණය කිරීමේ පදනම සහ රාත්‍රියට ඇදිරිනීතිය පැනවීමේ පදනම කුමක්දැයි පැහැදිලි කරන්න.
  8. ඇදිරිනීතිය ඉවත් කළ පසු පොදු ප්‍රවාහනය භාවිත කරන ජනතාවට, එම පහසුකම් ලබාගැනීමේදී සමාජ දුරස්ථතාව පවත්වා ගන්නා ආකාරය ඇතුළු උපදෙස් නිකුත් කළේ ඔබ විසින්ම ද, එසේත් නැත්නම් කාගේ උපදෙස් අනුව ද ?
  9. අසත්‍ය ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් ආණ්ඩුවට අවාසි පුවත් පළකරන පිරිස් අත්අඩංගුවට ගැනීමත්, ආණ්ඩුවට වාසි වන ලෙස ප්‍රජාවන් අතර වෛරය පතුරුවන පිරිස් ආරක්ෂා කිරීමත් පැහැදිලිව පේන්න තියෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේ මේ පරස්පරය කුමක්ද ?
  10. මැතිවරණය හැකි ඉක්මනින් පවත්වා ගැනීමට ආණ්ඩුව කිසිදු බලපෑමක් නොකරන බව ඔබේ පාර්ශ්වයෙන් පැවසුවද, අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම චූදිතයා කරන්නට කලබල වූයේ ඇයි ? එය ඔබ නොදැනුවත්ව සිදුවූවක්ද ?

ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button