දේශීය

ඇඟිල්ලක් ගහන්න බැරි බස් වළ මීටරයේ නිතිය

ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර පවසයි.

මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කළ පසු මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කිරීමට රජය ධාවනය වන කිලෝමීටරයකට නිෂ්චිත මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

වසංගත අවදානම අඩු ප්‍රදේශවල ධාවනය කිරීමේදී මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කිරීමේ හැකියාවක් නොවන බවද එම සංගමයේ සභාපති ගැමුණ විජේරත්න පවසයි.

අදාළ වරප්‍රසාද නොලැබෙන්නේ නම් සිය සංගමයේ බස්රථ ධාවනයෙන් ඉවත්ව සිටින බව ජනාධිපති ලේක්ම්වරයාට ද දැනුම් දී ඇතැයි ඔහු කියා සිටියි.

කෙසේ නමුත් අද උදෑසන ජනතාව බස් වළ ගමන්කරන ඡායාරුප සමාජ මාධ්‍යවල පළකර තිබු අතර ඒවායේ වෙනදා මෙන් ජනතාව පිරි ඉතිරි ගොස් තිබෙනු දක්නට ලැබුනේය.

පිට පළාත් වළ ජනතාව සිය අත්‍යවශ්‍ය කටයුතු කර ගැනීමට එන අතර ඔවුන්ට ආපසු ඇදිරිනීතිය පැනවීමට පෙර නිවෙස් කරා යාමට අවශ්‍ය නිසා පැමිණෙන බස් රථයේ ගමන් කරයි. එහෙත් ආරක්‍ෂිත ආකාරයට ගමන යාමට නම් ඔවුන්ට බොහෝ කාලයක් බලාගෙන සිටිය යුතුය. අපි හොදින් දන්නා කරුණ නම් ජනතාවට පසුවෙන් ගමනක් යාමට ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ප්‍රමාණවත් තරම් බස් රථ නොමැති බවයි. එපමණක් තියා බස් රථයක ආසන ප්‍රමාණයට ජනතාව ගෙන ගියහොත් බස් රථ කර්මාන්තයට විශාල පාඩුවකි.

පෞද්ගලික බස් රථ ආරම්භ කල දා පටන්ම වරින් වර බස් ගාස්තු වැඩිකිරීමට අවශ්‍ය වූ විට කරන්නේ එය යම් ප්‍රමාණයකට වැඩි කොට බස් රථ වලට ජනතාව පටවන ප්‍රමාණය වැඩි කිරීමට අවසර දීමයි. එය ඉතිහාසය පුරාම ජනතාවට සාමාන්‍ය දෙයක් වන තරමටම හුරු කළේය. බස් රථයක ආසනයක් එක් පුද්ගලයෙකුට වැඩිවීමට ඉඩ මදිය. බස් රථයක හරස් අතට ආසන දෙක බැගින් හතරක් වෙනුවට ආසන දෙකක් සහ ආසන තුනක් වශයෙන් ආසන පහක් දමයි. එසේ තිබියදී හිටගෙන මගින් පේලි දෙකක් දමා මැදින් තවත් මගින් පේලියක් දැමීමට විරුද්ධව කරන සටන දැන් වසර ගණනක සිට බස් රථ වළ සිදුවන දෙයකි. මෙවන් තත්වයක් තිබියදී බස් රථ වළ ජනතාව සිමා කිරීම කල යුත්තේ ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙලක් සකසමින් පසු බව කිවයුතු මය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button