දේශීය

“මේ ඡන්දයක් තියන්න සුදුසු වෙලාවක් නෙමෙයි”

- අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා

දැනට රටේ පවතින තත්වය ඡන්දයක් පැවැත්වීමට සුදුසු අවස්ථාවක් ලෙස තමන් නොසිතන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා අවධාරණය කරයි.

පුද්ගලයින් 238දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අවස්ථාවක, තවත් දහස් ගණනක පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අවස්ථාවක තවමත් නිසිලෙස අපට මෙය පාලනය කර ගත නොහැකි වී ඇති බව එතුමා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඡන්දයක් පවත්වන්නේ නම් අලුතෙන් රෝගීන් වාර්තාවීම නැවතුණු දිනක ඒ පිලිබඳ සිතා බැලිය හැකි නමුත් තවමත් රෝගීන් වාර්තා වන බැවින් එවැනි තත්වයක් හමුවේ ඡන්දයක් පැවැත්විය හැකි බවට තමන් විශ්වාස නොකරන බවත් සඳහන් කළේය.

රටක් ලෙස මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය දිය යුත්තේ ඡන්දයට නොව මෙම කඩුල්ල පන ගැනීමට බව පැවසු කාදිනල් තුමන් තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ලෝකයේ වෙනත් රටවල් වල විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ළඟම රට වන ඉන්දියාවේ කොරෝනා රෝගය මේ වන විට පැතිරෙමින් පවතින බවයි.

රටක් ලෙස අප පරිස්සම් නොවුනහොත් නැවත වතාවක් එම රටවල් වලින් වෛරසයට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවත් උන්වහන්සේ පැවසීය.

සර්ව සම්පූර්ණව මෙම ප්‍රශ්නය විසඳුන දිනක ඡන්දයක් ගැන සිතිය හැකි බව සඳහන් කළ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් මේ අවස්ථාවේ රටේ ප්‍රමුඛතාවය දිය යුත්තේ ඡන්දයක් පැවැත්වීමට නොවන බව අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button