සමාජ

අද පාස්කු ඉරිදා….

ගිය අවුරුද්දේ පාස්කු ඉරිදා අප්‍රේල් 21 වෙනිදා. මේ අවුරුද්දේ 12 වෙනිදා. අංක දෙක දෙපැත්තට මාරු වෙලා නේ. හරි පුදුමයි නේ. බලන්න නේ?

ඒ විතරක්ද…. එදා බෝම්බ ගහද්දී මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ. රාජපක්ෂවරු ඇතුළු අය විපක්ෂයේ. ඒත් අද බලන්න රනිල්, සජිත් විපක්ෂයේ, රාජපක්ෂවරු ඇතුළු අය ආණ්ඩුවේ. 21 හරියට 12 වුණා වගේ නේ. පුදුමයි නේ….

බලන්න…. ඒ වගේ ආශ්චර්ය පිරි රටක් මේක….

දැන් මැරිච්ච මිනිස්සුන්ට මේ හැමෝගෙන්ම මොකක්ද වුණේ…. ඒ කෑලි කැඩුණු, කුඩු වෙච්ච, අබ්බගාත වෙච්ච කිසිම කෙනෙකුට සාධාරණයක් වුණාද? ආහ් ඉස්සෙල්ලා අය කියයි, ඔව් අපි දැම්මේ හේමසිරි, පූජිතව ඇතුළට…. දැන් අය කියයි අපි කරනවා ඉන්න පොඩ්ඩක් කියලා…. නෑ මේ හැමදේම බොරු…. පට්ටපල් බොරු…. මේ හැමදේම මවා පෑම්…. මේ රටේ හැම පක්ෂයක්ම කරන්නේ මවා පෑම්…. කවුරු හරි අභියෝග කළොත් එහෙම නෑ කියලා…. මම ඒක පෙන්නනවා.ඒක ඇත්ත කියලා.

මිනිස්සු අමු අමුවේ මැරෙද්දි, මිනිස්සු අමු අමුවේ පණ ගැහෙනකොට මෛත්‍රීපාල සිරිසේන සිංගප්පුරූවේ. එන්න හිතුවෙවත් නෑ…. එන්න දුන්න ප්ලේන් එකේවත් ආවේ නෑ…. හැබැයි එයා අද ලංකාවේ ලක්ෂ 69 ඡන්ද අරගෙන ජනාධිපති කෙනෙක් පත් කරපු පක්ෂයේ සභාපති. මරුනේ….?

විපක්ෂයේ හිටිය රාජපක්ෂවරු සහ පිරිස ඇඟිල්ල දික්කරලා කිව්වේ රිෂාඩ් සම්බන්ධයි කියලා, රිෂාඩ් වගකියන්න ඕන කියලා…. අපි ආව ගමන් බලාගන්නම් කියලා…. ඔව් බලාගන්නවා නේ….

ජනාධිපති පරීක්ෂණ කරන්නෙත් මෛත්‍රීපාල දාපු කමිටුවෙන්මයි…. හැබැයි රිෂාඩ් ඉන්නවානේ…. කමක් නෑ කවදා හරි ගනීනේ…. එහෙමත් හිතමුකෝ මෝඩකමට….

අද ආණ්ඩුවේ හිටිය ඇමතිවරු එදා ඇඬුවා පාර්ලිමේන්තුවේ, මහින්ද මහත්තයා ගහලා පැයෙන් කොච්චිකඩේ…. ඒ තරම් ඒ මිනිස්සු වෙනුවෙන් වොරි වුණා…. කෝ ඒ වොරි වීමේ ප්‍රතිඵල….?

එකෙක් ඇල්ලුවද?

මේ අන්තගාමී මුල් වලට පණ දුන්න මහ උන් එකෙක් ඇල්ලුවද?
මේවා වෙන බව දැනගෙනත් සද්ද වහන් හිටිය උන් එකෙක් ඇල්ලුවද?
මේවා වෙනකල් බලාගෙන හිටිය එකෙක් ඇල්ලුවද?

ඔව් ඇල්ලුවා

අන්තගාමී මුස්ලිම් මතවාදී එවුන්ව…. ඒ බෝම්බ වලට සම්බන්ධ සිප්පි කෑලි….
හැබැයි රට ඇතුළේ අල්කයිඩාවක්, අයිඑස් සමාජයක් කරන්න හදපු කිරිපෙව්ව උන් කෝ….?
ලබන සතියේ ගහනවා, 21 ගහනවා, හෙට ගහනවා, ඔන්න අද උදේ ගහනවා කියලා දැනගෙනත් නොදැන වගේ හිටිය උන් කෝ. එකෙක් නෑ….

දැන් හැමෝම එකම ගමනක. අලුත් රටක් හදන ගමනක. හැබැයි අද පාස්කු 12 වන ඉරිදා…. තවම නෑ…. 21 මැරිච්ච මිනිස්සුන්ගේ අවුරුද්දේ දානේ…. එදාට මොකක් හරි දෙයක් කරයි…. ඒකත් බලාගෙන ඉමු….

අපිට රාජපක්ෂවරු,මෛත්‍රීපාල, රනිල්, සජිත්, රිෂාඩ්, හකීම්, කිසි කෙනෙක් එක්ක තරහක් නෑ….

තරහ තියෙන්නේ අපි ගැන. අපි වගේ හැත්තක්….


ගයාන් ගාල්ලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button