පුරවැසි කොළම

“විමල්ගේ ICU ඇඳන්” ගැන අපිට තියෙන ප්‍රශ්න තුනක්

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් කළාය කියන ශ්‍රී ලංකාවේ දැඩිසත්කාර ඒකක ඇඳන්වල නිෂ්පාදනය ආරම්භ කිරීම ගැන සමාජ මාධ්‍ය තුල විශාල ආන්දෝලනයක් ඇතිවී තිබුණා. ඒ විදේශයේ නිෂ්පාදිත ලක්ෂ 7.5ක ඇඳක් මෙරටදී ලක්ෂ 3කට නිපදවූවා යයි ප්‍රචාරය වීමත් සමඟ….

එම කතිකාවතත් සමඟ එම පාක්ෂිකයන් පවසා සිටියේ, මෙම ඇඳ ලක්ෂ තුනක් නොව, මේ ඇඳ සඳහා ඉලෙක්ට්‍රොනික මෙහෙයුම් පද්ධතියක් එකතු කිරීමෙන් පසු ලක්ෂ තුනක මුදලක්වන බවකි.

නමුත් මුලින් සඳහන් කර තිබුනේ එය නොවන නිසාත්, විදෙස් online වෙළඳ වෙබ් අඩවිවල ඊටත් වඩා අඩු මුදලට ගතහැකි ඉලෙක්ට්‍රොනික සහ ඩිජිටල් තාක්ෂණික ICU ඇඳන් සමඟ විමල්ගේ ඇඳ සංසන්දනය කර “විමල්ලා කර ඇත්තේ ජනතාව රැවටීමක්” බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබුණි.

කෙසේවෙතත් පුරවැසියන් ලෙස අපට ප්‍රශ්න කිහිපයක් මතුවී ඇත.

  1. විමල්ගේ “ප්‍රධානත්වයෙන්” හදන මෙම ඇඳන්වල තියෙනවා කියා ඔවුන්ගේ අනුගාමිකයන් කියන මාර සිරා “ෆීචර්ස්” මොනවා ද? කරුණාකර එකී ඇඳන්වල ස්පෙසිෆිකේෂන්ස් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ද? මොකද මේවා ගන්න වියදම් කරන්නේ අපේ බදුමුදල් නේ. අපට අයිතියක් තියෙනවා දැනගන්න.

  2. එම ෆීචර්ස් ම සහිත ICU ඇඳක් විවෘත වෙළෙඳපොළෙන් මිල දී ගන්නවා නම් වියදම්වන මුදල (ආසන්නව) කීය ද? ඒ මුදල, මෙකී ඇඳන් ලංකාවේ නිෂ්පාදනය කරනවාට වඩා අඩු ද, වැඩි ද?

  3. මෙම ලංකාවේ නිෂ්පාදනය කරනවා යැයි කියන ඇඳන්, අපේක්ෂිත ප්‍රමිතියට අනුකූල බව (ඒ සඳහා බලයලත් ආයතනය වන) සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයෙන් (procurement) සනාථ කර තිබේ ද? ඔවුන් එසේ සහතික කර නැත්නම්, මෙකී ඇඳන් වල ප්‍රමිතිය සනාථ කරන ලද්දේ කවර ක්‍රමවේදයකට ද, කවුරුන් විසින් ද? එසේ ප්‍රමිති සහතික දුන්නේ ඒ සඳහා බලයලත් ආයතනයක් ද නැත්නම් තනි පුද්ගලයෙක් ද? තනි පුද්ගලයකු නම් ඒ පුද්ගලයා හට විමල් වීරවංශ අමාත්‍යවරයා සමග දේශපාලන හිතවත්කමක් නැති බවට සහතික විය හැකි ද?


ප්‍රශ්න 03 – චමීර ජීවන්ත දෙද්දුවගේ ගෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button