ව්‍යාපාරික

Allianz වත්මන් තත්වය මනාව හඳුනාගනිමින් අතිරේක රක්ෂණාවරණයන් රැසක් හිමි කර දෙයි

අලියාන්ස් ලයිෆ් COVID 19 වෙනුවෙන් තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රක්ෂණාවරණ ප්‍රතිලාභ දීර්ඝ කරමින් අමතර ආවරණයන්ද නොමිලේ ලබාදෙයි.

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්වය සහ එහි ස්වභාවය අවබෝධ කර ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය සේවාවන් තව තවත් ඉහළ නැංවීමට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් කටයුතු කර ඇත. COVID-19 හි බලපෑම හේතුවෙන් අපහසුතාවයට ලක්වන සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තව දුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ සඳහා අතිරේක ආවරණ මාලාවක් ඉදිරිපත් කිරීමට අලියාන්ස් ලයිෆ් මෙහිදී ඉදිරිපත්ව ඇත.

එහිදී දැනට අලියාන්ස් ලයිෆ් සමඟ කටයුතු කරන රක්ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම නව රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන්ද COVID-19 හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වුවහොත් රුපියල් 500ල000 ක ජීවිත ආවරණයක් සහ අවමංගල වියදම් වෙනුවෙන් රුපියල් 50000 ක අතිරේක ආවරණයක් ද ලබා දීමට අලියාන්ස් ලයිෆ් කටයුතු කරනු ලබයි.

ඊට අමතරව සිය රක්ෂණ ඔප්පු හිමියන් COVID-19 වෙතින් වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රෝහල් ගත කිරීම් වියදම් ප්‍රතිපූර්ණය කිරීම ඇතුලු ප්‍රතිලාභ රැසක් හිමිකර දීමටද අලියාන්ස් ලයිෆ් කටයුතු කර ඇත. රෝහල් මුදල් ප්‍රතිලාභ වලට අමතරව අසාධ්‍ය රෝගාබාධ හා ආබාධිත රක්ෂණාවරණයක් ද ඊට ඇතුළත් වේ.

එමෙන්ම මෙවන් අවස්ථාවක මුදල් පරිහරණය නුසුදුසු වන බැවින් රක්ෂණ ඔප්පු සඳහා වන ගෙවීම් eZ cash, genie ගෙවීම් mcash හරහා සිදු කිරීමටද, අලියාන්ස් හි නිල වෙබ් අඩවිය භාවිතා කිරීමට ද අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. ඒ තුළින් මෙවැනි මොහොතක ඔබගේ ඔප්පු සහ ප්‍රතිලාභයන් සක්‍රීයව පවත්වා ගැනීමේ වැදගත්කම අලියාන්ස් අවධාරණය කොට සිටියි.

මෙම සියලු ප්‍රතිලාභයන් 2020 ජූනි 30 වනදා දක්වා වලංගු වේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා කාලය තුළ +94 11 2317988 /+94 11 2317989 යන අංකයන්ට ඇමතීමෙන් හෝ [email protected] ‍විද්‍යුත් තැපෑල මඟින් දැන ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button